gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මං ඉංග‍්‍රිසි ප‍්‍රගුණ කලේ පන්සලේ ඇබිත්තයෙක් ලෙස සිටි කාලයේ - හදුන්නෙත්ති

මාලිගාතැන්න ආරණ්‍ය සේනාසනයේ ඇබිත්තයෙකු ලෙස තමන් සිටි කාලයේදී ලද අධ්‍යාපනය සහ ඉංග්‍රීසි දැනුම සිය ජීවිතයට මහත් පිටුවහලක් වූ බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

ඒම ආරණ්‍ය සේනාසනයේ පැවති වැඩසටහනකදී ඔහු පැවසුවේ මීට වසර 39කට පමණ පෙර, එනම් 1987 දී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව, සිය උපන් ගම වන කොටපල ප්‍රදේශයේ පැවති අපහසුතා හේතුවෙන්, පල්ලෙගම ආරණ්‍යයේ වැඩ විසූ හාමුදුරුවෝ විසින් ප්‍රථම වරට තමා කොළඹට එවන ලද බවයි.

ආරණ්‍යයට පැමිණීමෙන් පසු, හාමුදුරුවරුන් විසින් තමාට ගණිතය ඇතුළු විවිධ පාඩම් කියා දුන් බවත්, දහම් පාසල් මතකයන් රැසක් ද තමා සතුවන බවත් ඔහු සඳහන් කළේය.

මෙහිදී, ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, විශ්ව විද්‍යාලයට ඇතුළත් වන තෙක්ම තමා මෙම ආරණ්‍යයේ වාසය කළ බවයි. ආරණ්‍යයේදී ලද අධ්‍යාපනයට අමතරව, එහි විශාල විනය පද්ධතියක් ක්‍රියාත්මක වූ බවත්, එය ගිහි පැවිදි දෙපක්ෂයටම පොදු වූ බවත්, එම විනය පද්ධතිය තුළින් ලද අත්දැකීම් අදටත් සිය ජීවිතයට විශාල පිටුවහලක් වී ඇති බවත් ඔහු පැහැදිලි කළේය.

විශේෂයෙන්, තමා වර්තමානයේ භාවිත කරන අත්සන පවා ගැසීමට පුරුදු කරනු ලැබුවේ, එකල එම ආරණ්‍යයේ භාවනා කරමින් සිටි හේපොති කුලගල ස්වාමීන් වහන්සේ බව ඔහු සිහිපත් කළේය. එකල තමා සිය නම පමණක් ලිවීමට පුරුදුව සිටි නමුත්, එම ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි අත්සනක් පුරුදු කරගත් බව ද ඇමතිවරයා පැවසීය.

ආරණ්‍යයේ සිය රාජකාරී කටයුතු අතරතුරදී පහළ ගමේ පැවති ඉංග්‍රීසි පන්තියකට තමා ගිය බවත්, එහිදී කෙටි කාලයක් තුළ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත් බවත් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය. මෙම අත්දැකීම් සිය ජීවිතයේ ගොඩනැගීමට මහත් සේ උපකාරී වූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka