gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රජයේ නිලධාරීන් පාර්ලිමේන්තුවට ගෙන්වා බලපෑම් කළ ශෂීන්ද්‍රගේ නාඩගම හෙළිවෙයි!

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුලු දේපල, ඉකුත් අරගල සමයේ විනාශයට පත් වීමෙන් අනතුරුව එකී විනාශය සම්බන්ධයෙන් හානි පූර්ණ කාර්යාලය නිල තක්සේරු වටිනාකමක් නියම කර තිබියදී එම වටිනාකම වෙනස් කරන ලෙසට හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ රජයේ නිලධාරීන්ට බලපෑම් කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව කැඳවු අවස්තාවේදී අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් සඳහන් කළේ,

“ස්වාමීනී.. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක මේ සැකකරු අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුලු දේපල, ඉකුත් අරගල සමයේ විනාශයට පත් වීමෙන් අනතුරුව හානි පූර්ණ කාර්යාලය නිල තක්සේරු වටිනාකමක් දී තිබෙනවා.

මොහු එම නිල තක්සේරු වටිනාකම පිළිගෙන නෑ. පසුව මේ සැකකරු තක්සේරු නිලධාරීන්ට එම දේපල වෙනුවෙන් රුපියල් අසූ අට ලක්ෂ පනස් දහසක වන්දියක් ලබා දෙන ලෙස බලපෑම් කර තිබෙනවා. මොහුගේ බලපෑම දිගින් දිගටම එම නිලධාරීන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුව මොහුගේ ප්‍රධානත්වයෙන් එම නිලධාරීන් කැඳවා විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේ පවත්වනවා. ඒ රැස්වීමේදී නිල තක්සේරු වාර්තාව සංශෝධනය කිරීමට මොහු තක්සේරු නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. නමුත් ස්වාමීනි ඒ අවස්ථාවේදීත් තක්සේරු නිලධාරීන් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ස්වාමීනි.. සැකකරුගේ මේ ක්‍රියාව පොදු දේපල පනතේ 8(1) වගන්තිය යටතේ හා දූෂණ විරෝධී පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක්. ඉදිරි විමර්ශන තවමත් සිදුවෙමින් පවතින නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ඉල්ලා සිටිනවා ස්වාමීනි.”

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි සඳහන් කළේ,

“ස්වාමීනි, සැකකරුට මේ කියන ආකාරයට දරුණු රෝගයක් තියෙනවා නම් මොහු මේ වන විට මිය ගොස් තිබෙන්න ඕන. මාසයක්ම මොහු දැන් මැෂින් එක නැතුව ඉන්නේ. එය ඇප ලබා දීමට තරම් සුවිශේෂි තත්ත්වයක් වන්නේ නෑ. සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”

ඒ අනුව දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන (19) දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ (12) දින නියෝග කළේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka