gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සජිත්ට අල්ලස්, දූෂණ චෝදනා!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්කම් සහ බැරකම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ‘අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය’ නමැති සංවිධානය විසිනි.

එහි සභාපති සාමුණි කමන්තතුෂාර මහතා අවධාරණය කරන්නේ, විපක්ෂ නායකවරයා විසින් මෙතෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතු වත්කම් බැරකම් ප්‍රකාශය ලබා දී නොමැති බවයි.

තවද, ඒ ආකාරයටම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිවද දූෂණ විරෝධී පනතට අනුව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇත.

මෙම සංවිධානය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ වත්කම් පිළිබඳ පූර්ණ විමර්ශනයක් ආරම්භ කර, අයථා වත්කම් උපයාගෙන ඇත්නම් නීතිය ක්‍රියාත්මක කොට දඬුවම් ලබා දෙන ලෙසයි.

කමන්ත තුෂාර මහතා වැඩිදුරටත් කියා සිටියේ, විපක්ෂ නායකවරයාට අමතරව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ හිටපු අමාත්‍ය වාසුදේව සම්පත් දසනායක යන මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ද පරීක්ෂා කරන ලෙස ඉල්ලා තම සංවිධානය විසින් අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇති බවයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka