ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් සිදුකළ දේශණය United Nations නිල YouTube නාලිකාවේ පළකර ඇති රාජ්‍ය නායකයින්ගේ දේශන අභිබවමින් වැඩිම ජනප්‍රියතාවක් සහිත දේශනය බවට පත්වෙමින් තිබේ.
ජනපති අනුරගේ දේශනය United Nations හි නිල YouTube නාලිකාවේ ප්‍රචාරය කර මේ වනවිට පැය 16ක් ඉක්මවා ඇති අතර නැරඹුම් වාර ගණන 37,000ක්.
මේ වනවිට සමස්ථ රාජ්‍ය නායකයින් 80 දෙනකුගේ දේශනයන් යූ ටියුබ් අවකාශයේ පල කර ඇති අතර ඒ අතරින් කෙටිම වේලාවක් තුල වැඩිම පිරිසක් නරඹා ඇති දේශනය සිදුකර තිබෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයායි.
කෙසේවෙතත් ඇමරිකානු ජනාධිපති, ඉන්දුනීසියානු ජනපති, දකුනු අප්‍රිකා ජනධිපති, චිලීහි ජනාධිපති සහ කෙන්.යානු ජනාධිපතිවරුන් විසින් සිදුකළ දේශණයන්ද වැඩි ජනප්‍රියතාවක් ලබා ඇති නමුත් එම දේශනයන් යූ ටියුබ් අවකාශයට එක් කර තිබෙන්නේ මින් පැය 24කට පෙරයි.