gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ මෙවර UN ප‍්‍රකාශය රුවන්ඩා ජනපතිගේ 2019 ප‍්‍රකාශයක්!

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල සැලකිය යුතු සංවාදයක් නිර්මාණය වී තිබේ.

අදාළ ප්‍රකාශය වන්නේ, “දූෂණයට එරෙහි සටන භයානක වුවත්, ඊට එරෙහිව සටන් නොකිරීම ඊට වඩා භයානකයි” යන්නයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම අදහස, රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ මහතා විසින් මීට පෙර සිදු කරන ලද ප්‍රසිද්ධ කියමනක් බවයි. ජනාධිපති කගාමේ මහතා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ 2019 වසරේදී, පැවති දූෂණ විරෝධී දේශනා සමුළුවකදී බවට තොරතුරු වාර්තා වේ.

සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල වී ඇත්තේ, ජනාධිපති අනුර දිසානායක මහතා සිය කතාවේදී මෙම ප්‍රකාශය උපුටා ගැනීමක් බවට සඳහන් නොකිරීම සම්බන්ධයෙනි.

ක්‍රියාකාරීන්ගේ අදහස වී ඇත්තේ, මෙම කියමන වෙනත් රාජ්‍ය නායකයෙකුගේ ප්‍රකාශයක් බව විධිමත් ලෙස පිළිගැනීම වගකීම් සහගත හා යෝග්‍ය ක්‍රියාවක් බවයි.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයේ අන්තර්ගතය සහ එහි මූලාශ්‍රය සම්බන්ධයෙන් මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස අදහස් හුවමාරු වෙමින් පවතී.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka