අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු ගම්පහදී අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුවන කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ බව කියන චෝදනාවකට අදාළව ඔහු එසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසේ.