gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු ජනපති මහින්ද අද විජේරාමෙන් එළියට!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් කල් පදිංචිව සිටි කොළඹ, විජේරාම මාවතේ පිහිටි නිල නිවස ආණ්ඩුවට බාරදී අද (11 ) දහවල් තංගල්ල, කාල්ටන් නිවස බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා (10) පැවසීය.

ඒ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වී කථානායකවරයා සිය අත්සන යෙදවීමෙන් පසු නිල නිවස අහිමිවීම හේතුවෙනි.

හිටපු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා තංගල්ල කාල්ටන් නිවසේ අද (11) පස්වරු 4 ට විශේෂ උත්සවයක්ද සූදානම්කර ඇත. 

හිටපු ජනාධිපතිවරයාට සමුදීම සඳහා අද (11) පෙරවරුවේ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් කිහිප දෙනකු විජේරාම පාරේ නිවසට පැමිණීමටද නියමිතව තිබේ.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයාට නිවසක් ලබාදීම සඳහා මහා සංඝරත්නය මෙන්ම ව්‍යාපාරිකයන් සහ විදේශගත ශ්‍රී ලංකිකයන්ද කැමැත්ත පළකර ඇති බව මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසුවේය.

හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසීම සඳහා කුරුණෑගල, අනුරාධපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල ජනතාව ආහාර පාන රැගෙන විජේරාම නිවසට පසුගිය සති කීපය තුළ පැමිණි අයුරුද දක්නට ලැබිණි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka