gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

විශ්‍රා­මික ජන­ප­ති­ව­රුන් 5ක් එක් ආර්යා­වක් නඩ­ත්තු­වට 2024 වසරේ කෝටි 9ක් යයි

ජන­ප­ති­ව­රුන්ගේ හිමි­කම් පන­තෙන් ලැබී ඇති කාරණා සම්බ­න්ධ­යෙන්  හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් 05 දෙන­කුට සහ  හිටපු ජන­පති ආර්යා­ව­කට 2024 වසරේ රුපි­යල් කෝටි 9කට අධික රජයේ මුද­ලක් විය­ද­ම්කර ඇති බව පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (10) හෙළි­විය.

මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල මහතා පාර්ලි­මේ­න්තුවේ  දී ඊයේ (10)  එම තොර­තුරු හෙළි­ක­රනු ලැබුවේ මෙසේය.

පසු­ගිය  2024 වසර  තුළ දී විශ්‍රා­මික ජනා­ධි­පති ආර්යා හේමා ප්‍රේම­දාස මැති­ණි­යට  රුපි­යල් විසි­හය ලක්ෂ අසූ පන්ද­හස් හය­සිය අසූ­වක්,  විශ්‍රා­මික ජනා­ධි­පති චන්ද්‍රිකා කුමා­ර­තුංග මැති­ණි­යට රුපි­යල් එක්කෝටි දහ­සය ලක්ෂ හැට හතර දහස් තුන්සිය හත­ලිස් අටක්,  විශ්‍රා­මික ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාට රුපි­යල් පන්කෝටි හත­ලිස් හය ලක්ෂ පනස් දෙද­හස් නව­සිය අනූ­වක්,  විශ්‍රා­මික ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාට රුපි­යල් එක්කෝටි පනස් ලක්ෂ හැත්තෑ දෙද­හස් හාර­සිය පන­හක්,  විශ්‍රා­මික ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට රුපි­යල් එක්කෝටි දෙලක්ෂ විසි දෙද­හස් අට­සිය අසූ එකක්,  විශ්‍රා­මික ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට රුපි­යල් තිස්හ­තර ලක්ෂ අනූ දෙද­හස් තුන්සිය නව­යක් වශ­යෙන් රුපි­යල් නව කෝටි අසූ­පන් ලක්ෂ හත­ලිස් අට­ද­හස් තිස් නව­යක මුද­ලක් වැය කර තිබෙ­නවා.

මේ හැරුණු කොට මහින්ද රාජ­පක්ෂ මහතා තමාගේ නිල නිවෙස නවී­ක­ර­ණය වෙනු­වෙන් රුපි­යල් කෝටි 47ක් වෙන්කර ගන්නවා. ජන­තාව පීඩා­වට පත්ව සිටින වෙලා­වක මේ මුදල වෙන්කර තිබෙ­නවා. 2021 කෝටි 25ක් වෙක්ක­ර­ගෙන තිබෙ­නවා. කෝටි 18ක් 2022දී වෙන්ක­ර­ගෙන තිබෙ­නවා. රටේ ජන­තා­වගේ මුදල් මෙලෙස පරි­හ­ර­ණය කිරීම සුදුසු නැහැ. මෙවැ­න්නක් කරන්න තව­දු­ර­ටත් ඉඩ දිය­යුතු නැහැ. එහෙම හැකි­යා­වක් නැහැ. මේ රටේ ජන­තා­වගේ හැම රුපි­ය­ල­කම ආර­ක්ෂාව තහ­වුරු කර­නවා.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka