gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දුවගේ කොටහළු මගුලට ලැබුනු සල්ලි හේවගේ බැංකු පොතේ දාලා... ඒක වත්කමක් විදිහට දන්වලා!

සිය බැංකු පොතේ ඇත්තේ පසුගිය ජනවාරියේ පැවති සිය කුඩා දියණියගේ උත්සව අවස්ථාවක ජනතාවගෙන් ලැබුණු මුදල් බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.

“ජනවාරි පළවෙනිදා මගේ නවය වසරේ ඉගෙන ගන්න දුවගේ උත්සවයක් තිබුණා. එ් උත්සවයට ජනතාව දුන් මුදල් මම සටහන් කරලා තියෙනවා. ලක්ෂ ගාණක් හම්බ වෙලා තියෙන්නේ එහෙමයි. ඒ දරුවාගේ මුදල් ටික තමයි, මම බැංකුවේ දැම්මේ. ඒවා හම්බ වුණ ලියුම් කවර ටිකත් තවම මා ළඟ තියෙනවා.

අනික් පැත්තට අපිත් මේ හිඟන මිනිස්සුම නෙමෙයි. මම මේ ව්‍යාපාරයට එන්න කලින් උපාධියක් අරන් රජයේ ගුරුවරයෙක් විදිහටත් වැඩ කළා.

ඒ කාලේ තමයි, මම මේ පර්චස් දහයේ ඩම ගත්තේ. ඒ කාලේ පර්චස් එකක් රු. 25 000ට ගත්තේ.

එතකොට ප්‍රශ්නයක් එනවා මොකක්ද ඉටිකොළ ගහගෙන හිටියේ කියලා. ඒ නිවසට සිමෙන්ති කොට්ට එකක් දෙකක් හැර ඉතිරි සියල්ල ඇනුවේ මගේ මේ අතින්.”

මාධ්‍ය හමුවක් කැඳවමින් නි. අමාත්‍ය නලින් හේවගේ මේ බව කීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka