gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණ දීමනා කියා රුපියල් කෝටියක් රජයේ නිළධාරීන් 5ක් අතර බෙදාගෙන

ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතියකින් තොරව ඉකුත් වර්ෂයේ (2024) පැවැත්වු මැතිවරණ සදහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් පස්දෙනෙකු විසින් මැතිවරණ දිමනා මුදල් වශයෙන් රුපියල් එක්කෝටි දෙලක්ෂ විසිහතරදහස් හාරසිය විසිදෙකක මුදලක් (10,224,422) ලබාගෙන ඇති බැව් අනාවරණය වි ඇත.

2024 වර්ෂයේ දි මැතිවරණ කටයුතු සදහා ගෙවනු ලැබු මැතිවරණ දිමනා පිළිබද විගණන කාර්යාලය මගින් කරණු ලැබු නියැදි පරීක්ෂාවේ දි මෙම තොරතුරු අනාවරණය වි ඇත.

ඒ අනුව ඉකුත් වර්ෂයේ (2024) පැවැත්වු මැතිවරණ සදහා මුද්‍රණ දේපාර්තමේන්තුවේ එක් විධායක ශ්‍රේණියේ නිලධාරියකු මැතිවරණ දිමනා වශයෙන් රුපියල් විසිතුන්ලක්ෂ දෙදහස් තුන්සියයක මුදලක් (2,302,300) තවත් විධායක ශ්‍රේණියේ නිලධාරීයකු රුපියල් විසිහතරලක්ෂ විසිඑක්දහස් පන්සියහැටතුනක මුදලක් (2,421,563) ලබාගෙන තිබුණි.

එමෙන්ම තවත් විධායක ශ්‍රේණියේ නිලධාරියකු රුපියල් දහඅටලක්ෂ හැටදහස් දෙසියහැටතුනක (1,860,263) මුදලක් සහ අනික් විධායක ශ්‍රේණියේ නිලධාරීන් දෙදෙනා පිළිවෙළින් රුපියල් විසි එක්ලක්ෂ හැත්තැනමදහස් හත්සිය හතලිස්අටක (2,179,748) මුදලක් සහ දාහතර ලක්ෂ හැටදහස් පන්සියහතලිස් අටක (1,460,548) මුදලක් ලබාගෙන ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සම්බන්යෙධන් 2024 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුලත්ව ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka