gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගම්මන්පිල හදිසියේම රුපියල් කෝටි 100කට වැඩි දේපොල තොගයක් මිලදී ගන්න යයි

ඊයේ (19) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ වත්කම් ප්‍රකාශවල සඳහන් කර ඇති මිල ගණන්වලට ඕනෑම දේපළක් මිලදී ගැනීමට තමන් සූදානම් බවයි.

ඒවායේ සඳහන් වටිනාකම් අනුව එම දේපළ මිලදී ගැනීම “ලොතරැයියක් ජයග්‍රහණය කිරීමට වඩා වාසනාවන්ත” අවස්ථාවක් බව ඔහු පවසයි.

මෙම දේපළවලට ඔවුන් සඳහන් කර ඇති මිල මෙන් දෙගුණයක් ගෙවීමට තමන් සූදානම් බවට පැවසූ උදය ගම්මන්පිල මහතා කියා සිටියේ, එවිට එම දේශපාලඥයන්ට 100%ට ප්‍රතිලාභයක් ලැබෙන බවයි.

“මාලිමාවේ මැති ඇමතිවරු දාලා තියෙන වටිනාකම් වගේ දෙගුණයක් දුන්නොත් ඔය දේපළ විකුණනවද?” යනුවෙන් ඔහු එහිදී විමසා සිටියා.

“මම කැමති ඔය මාලිමාවේ නායකයන් විසින්, වත්කම් බැරකම් ප්‍රකාශයේ නියම කරලා තියෙන මිල ගණන් වලට ඕනෑම මන්ත්‍රී කෙනෙක්ගෙන් ඕනෑම දේපලක් මිලදී ගන්න.

මොකද ඒක ලොතරැයියක් හැදෙනවට වඩා අතිශයින්ම වාසනාවන්ත වැඩක්. මාලිමාවෙ නායකයින්ගේ ඉදිරිපත් කරලා තියෙන වටිනාකම් අනුව ගිහිල්ලා අපි ඉල්ලලා බලමු. මොකද ඒක වටින්නේ එච්චරයිනම් නොදී ඉන්න හේතුවක් නැහැ.

අපි දෙගුණයක් ගෙවනවා. එතකොට 100%ක් ප්‍රතිලාභයක් ලැබෙනවා. මාලිමාවේ මැති ඇමතිවරු දාලා තියෙන වටිනාකම් වගේ දෙගුණයක් දුන්නොත් ඔය දේපළ විකුණනවද ?
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka