gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිමාවේ වත්කම් වාර්තාත් බොරු… මගේ ඉඩමේ පර්ච් එක ලක්ෂ 40යි… ඒ ළඟ ඇමතිගේ ඉඩමේ පර්ච් එක ලක්ෂ 3යිලු…! – දිලිත් ජයවීර…

මාලිමාව නම් දේශපාලන ව්‍යාපාරය තුළ දූෂිතයින් සිටිනවා පමණක් නොව එය දූෂිතයන් සඳහාම නිර්මාණය කළ ව්‍යාපාරයක් බව සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පවසයි. එමගින් සියලුම ජාවාරම්කරුවන්ගේ මුදල් විශුද්ධිකරණය වන බවට තමා වගකීමෙන් පවසන බවද ඔහු සඳහන් කරයි.

“රටට කියන්න මෙන්න අරමුදල, මෙච්චර තියෙනවා, මෙහෙමයි ලැබුණේ, ඒකට මෙච්චර බදු ගෙව්වා කියලා. දැන් අපේ පක්ෂයේ අපිටත් සහෝදරවරු නැති වුණාට අපේ මිත්‍රය උදව් කරනවා. හැබැයි අපි ඒවා අපේ ගිණුමට අරගෙන බදු ගෙවනවා. මොකද බදු ගෙවන්නේ නැතිව පක්ෂ අරමුදල් තියෙන්න බෑ. දැන් අපි විගණනයට ලක්කරලා, වරලත් ගණකාධිකාරීවරයකුගේ අත්සනින් යුතුව ඒක යොමුකරලා තියෙනවා මැතිවරණ කොමිසමට.

හැබැයි එහෙම නැතිව අඳුරේ තියෙන්න බෑ අරමුදල්. මේක ඔබ පිළිගත්තේ නැතිවුණාට ඊයෙ පෙරේදා අර වත්කම් ප්‍රකාශ ටික එළියට ආවාම ඔක්කොම බැලුවාම අපි මේ පොල්ගෙඩි ටික කඩලා දාලා තියෙන්නෙ හොඳ කෝටිපතියකුගෙ කැබ් එකටනේ කියලා හිතුණා. ස්ථීර තැන්පතු මටත් නෑ. ස්ථාවර තැන්පතුවල දාන්න කොහෙන්ද සල්ලි? අපි මේ දේශපාලන වැඩවලට වියදම් කරනවා. හැබැයි මේ ගම් මට්ටමේ මිනිස්සු ඔය දේශපාලන යාන්ත්‍රණය නඩත්තු කළේ අනේ අපේ නායකයො මොන තරම් කැපකිරීමක් කරලා තියෙනවාද කියලා.

මමත් හිතුවේ නෑ අරමුදල හරහා වංචා සිද්ධවෙන බව යථාර්ථයක් වුණත් මේ අපි දන්න හඳුනන පුද්ගලයෝ මිලියන 400 – 500 වත්කම් තියෙන අය කියලා. ඔය වත්කම් කිව්වාම මමත් ඉන්නේ කෝට්ටේ ප්‍රදේශයේ. මම පොඩි ඉඩම් කෑල්ලක් කෝවිඩ් කාලෙ ගත්තා මගෙ ඉඩමට යාබදව. ඒකෙ පර්ච් එකක් මිලියන 4ක් වුණා.

දැන් ඒ කිට්ටුවම ඉන්න ඇමැතිවරයෙක් කියලා තියෙනවා එයාගෙ ඉඩමේ වටිනාමක පර්ච් එක ලක්ෂ තුනයි කියලා වත්කම් ප්‍රකාශයේ. අන්න හිරේ යන ප්‍රකාශ. ඇයි? දිවුරුමක් මත අත්සන් කරලා දීලා තියෙනවා මේ මං කියන්නෙ ඇත්ත කියලා. දැන් ඔය ඇත්තද? නෑ … අන්න ඒකයි මම මේ කියන්නේ මේක ව්‍යාජයක්. මේක බොරුවක්. මේ රටට අවශ්‍යයි ඇත්තටම දූෂණයට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක්. ඒ දේශපාලන ව්‍යාපාරය තමයි සර්වජන බලය.”

දිලිත් ජයවීර මේ බව ප්‍රකාශ කළේ යාපහුව ආසනයේ මා එළිය කොට්ඨාසයේ සර්වජන සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka