gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අයිස් කන්ටේනර් නිදහස් කළ රේගු නිලධාරීන් තවමත් නිදැල්ලේ… අත් අඩංගුවට නොගන්නේ නියෝග දුන් බලවතුන් හෙළිවන නිසාද….! – මුජිබර් රහුමාන්…

අයිස් කන්ටේනර් දෙක රැගෙන ආ සියලු දෙනා මේ වන විට අත් අඩංගුවට ගෙන තිබුණ ද ඒවා රේගුවෙන් නිදහස් කළ නිලධාරීන් කිසිවෙකු තවමත් අත් අඩංගුවට ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

මෙම කන්ටේනර් දෙක පිළිබඳ ජාත්‍යන්තර බුද්ධි අංශ අනතුරු අඟවා තිබිය දී පවා ඒවා නිදහස් කළ බව රේගුව පිළිගෙන තිබෙන බව ද ඔහු පෙන්වා දෙයි.

ඊට අදාළ නිලධාරීන් අත් අඩංගුවට නොගන්නේ ඔවුන් ඒ සඳහා තමන්ට නියෝග දුන් ඉහළ බලවතුන් පිළිබඳ හෙළිකිරීමේ අවධානමක් ඇති නිසා දැයි පැනයක් මතු වන බව ද මුජිබර් රහුමාන් සඳහන් කරයි.

පරික්ෂා කර නිදහස් කළ කන්ටේනර්වලත් අයිස් නම් පරික්ෂා නොකර නිදහස් කළ කන්ටේනර් 309 ගැන කතා කොට පලක් නොමැති බවත් ඒ සඳහා නියෝග ලබා දුන් සහකාර රේගු අධ්‍යක්ෂවරයාට එරෙහිව විනය පරික්ෂණයක් තබනු වෙනුවට ආණ්ඩුව ඔහු රේගු අධ්‍යක්ෂ ධුරයට පත්කොට ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මෙලෙස චූදිතයෙකුට උසස්වීමක් ලබාදෙනුයේ ඔහු ඉහළ බලධාරීන්ගේ නියෝග පිළිගනිමින් අදාළ කන්ටේනර් නිදහස් කළ නිසා දැයි ප්‍රශ්න කරන මුජිබර් රහුමාන් එම ක්‍රියාවෙහි ඇති නීතියේ ආධිපත්‍ය සහ විනිවිදභාවය කුමක් දැයි වැඩි දුරටත් ප්‍රශ්න කරයි.

පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka