gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘එරෙහි නොවී සිටීම අති භයානකයි’ - ජනපති අනුර එක්සත් ජාතීන් අමතමින් පවසයි

දූෂණයට එරෙහි සටන භයානක නමුත් දූෂණයට එරෙහි නොවී සිටීම ඊටත් වඩා භයානක බව ජනාධිපති අනුර කුමාර දිසානායක ලෝක නායකයන් හමුවේ අවධාරණය කරනවා.

ඒ මේ වනවිට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 80 වැනි මහා මණ්ඩල සැසියට එක්ව ලෝක නායකයන් අමතමින්.

එහිදී ජනාධිපතිවරයා ඒ පිළිබඳ වැඩිදුරටත් මෙසේ ද පැවසුවා.

“දුෂණය සංවර්ධනයට බාධාවක්. ප්‍රජාතන්ත්‍රවාදයට සහ ලෝකයේ යහපැවැත්මට තීරණාත්මක තර්ජනයක්. දුප්පත්කමට හේතුවක් වන බව අපේ ස්ථාවරය වනවා.

දුෂණයට එරෙහි සටන භයානකයි. දුෂණයට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානකයි යන්න මම ඔබට ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා.”

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව සාධනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් එය ලෝකය පුරා ක්‍රියාත්මක කිරීමට එක්වන ලෙසත් ජනාධිපතිවරයා‍ ලෝක නායකයන් වෙත ආරාධනා කර සිටියේ මෙලෙසයි.

“ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලුව ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන සංකීර්ණ අභියෝගයක් බවට පත්ව තිබෙනවා.

දිනෙන් දින මත්කුඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගෝලීය වෙළෙඳපොළ වාර්තාගත ලෙස ආක්‍රමණය කොට තිබෙනවා. මත්ද්‍රව්‍ය වෙළඳාම සහ ඒ හරහා ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ලෝක අර්බුද රැසකට මාර්ගය විවෘත කොට තිබෙනවා.

මේවාට සම්බන්ධ කණ්ඩායම්, රාජ්‍යයන් ගොදුරු බිම් බවට පත්කරගෙන තිබෙනවා. මේ ව්‍යසනය ලෝක සෞඛ්‍යයට, ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට සේම අවසන් වශයෙන් ලෝකයේ යහපැවැත්මට එරෙහි මහාප්‍රවාහයක් බවට පත් වී තිබෙනවා.

මේ මහා ව්‍යසනය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අප සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, මේ උවදුර පිටුදැකීම ලෝක න්‍යාය පත්‍රයේ සක්‍රිය කිරීමට මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා.

මේ ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කර, එවැනි ජාවාරම්කරුවන්ට තම තමන්ගේ රටවල්වල සංක්‍රමණය වීමේ ඉඩප්‍රස්තා අවුරාලීම, මේවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයනය කරන මධ්‍යස්ථාන බිහිකිරීම වැනි කරුණු මේ මොහොතේ මම ඔබේ අවධානයට යොමු කරනවා.”
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka