gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජබ රැස්වීම ආවරණයට මාධ්‍යට ඉඩ නොදෙයි!

ඊයේ (13) සමගි ජන බල­වේ­ගයේ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මොන­රා­ගල පැවති රැස්වී­මක් ආව­ර­ණය කිරී­මට ගිය මාධ්‍ය­වේ­දීන් පිරිසකට එම අව­ස්ථා­ව ආවරණය කිරීමට ඉඩ නොදී හරවා යැවී­මට පිය­වර ගෙන තිබේ.

මොන­රා­ගල, මාග­න්දන මුල්ල පාරේ පිහිටි පෞද්ග­ලික නිවාඩු නිකේ­ත­න­යක අදාළ රැස්වීම සූදානම් කර තිබුනේ සමගි ජන බල­වේ­ගයේ මොන­රා­ගල දිස්ත්‍රික් ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­ව­රුන් සම­ඟිනි.

විපක්ෂ නායක, පක්ෂයේ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවති මේ රැස්වී­මට සජබ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මොන­රා­ගල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. එච්. එම්. ධර්ම­සේන, ගාල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ගයන්ත කරු­ණා­ති­ලක ඇතුළු පිරිසක් මේ සඳහා සහ­භාගි වී සිටියහ.

පක්ෂයේ මොන­රා­ගල දිස්ත්‍රික් දේශ­පා­ලන අධි­කා­රිය විසින් කළ ආරා­ධ­නා­ව­කට අනුව එහි ගිය මාධ්‍ය­වේ­දීන් ඉවත් කරනු ලැබුවේ මේ රැස්වීම පක්ෂයේ අභ්‍ය­න්තර කට­යු­ත්තක් බව සඳ­හන් කර­මිනි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka