gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාතාලයකුගෙන් ලක්ෂ 3ක් ලබා ගත් බන්ධනාගාර රෝහලේ නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්!

අල්ලස් කොමි­සම විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ හිටපු බන්ධ­නා­ගාර රෝහල් නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස කට­යුතු කළ හේමන්ත රණ­සිංහ මහතා මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් මංජුල රත්නා­යක මහතා ඊයේ (13) නියෝග කළේය.

වැලි­කඩ බන්ධ­නා­ගාර රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබ­මින් සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වකු වන ආමි අසංක නමැත්තා තව­දු­ර­ටත් එහි නේවා­සි­කව රඳ­වා­ගෙන ප්‍රති­කාර කිරී­මට රුපි­යල් ලක්ෂ තුනක අල්ල­සක් ගැනීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් ඔහු මින් පෙර අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සිද්ධි­යට අදාළ සැක­කරු අල්ලස් කොමි­සමේ විම­ර්ශන නිල­ධා­රීන් ඔහුගේ නිවෙසේ සිට අත්අ­ඩං­ගු­වට ගෙන ඊයේ (13) පස්ව­රුවේ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව මෙලෙස නියෝග කෙරිණි.

සැක­කරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­මින් අල්ලස් හෝ දූෂණ කොමි­ෂන් සභාව වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි සහ­කාර අධ්‍යක්ෂ නීති සුලෝ­චනා හෙට්ටි­ආ­රච්චි මහ­ත්මිය පැව­සුවේ සැක­කරු  බන්ධ­නා­ගාර රෝහලේ ප්‍රති­කාර ගනි­මින් සිටි රැඳ­වූ­ව­කු­ගෙන් අල්ලස් මුද­ලක් ලබා ගැනීමේ සිද්ධි­යක් සම්බ­න්ධව අත්අ­ඩං­ගු­වට ගත් බවයි.

“ස්වාමීනි, 2024 වර්ෂ­යේදී බූස්ස බන්ධ­නා­ගා­රයේ සිටි රැඳ­වූ­වකු රෝගී තත්ත්ව­යක් හේතු­වෙන් වැලි­කඩ බන්ධ­නා­ගාර රෝහ­ලට ඇතු­ළත් කර තිබෙ­නවා. එම රැඳ­වියා බන්ධ­නා­ගාර රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ගැනී­මෙන් අන­තු­රුව නැවත ඔහු රඳවා සිටි බූස්ස බන්ධ­නා­ගා­ර­යට මාරු නොකර තව­දු­ර­ටත් බන්ධ­නා­ගාර රෝහ­ලේම නේවා­සි­කව රඳ­වා­ගෙන ප්‍රති­කාර සිදු කිරී­මට මේ සැක­කරු අල්ලස් වශ­යෙන් රුපි­යල් ලක්ෂ පහ­ළො­වක් ඉල්ලා තිබෙ­නවා.

එයින් රුපි­යල් ලක්ෂ තුනක මුද­ලක් මොහු ලබා­ගෙන තිබෙ­නවා.  එම රැඳ­වියා බන්ධ­නා­ගාර රෝහලේ සිටී­මට මේ සැක­ක­රු­ගෙන් කළ ඉල්ලී­මක් අනු­වයි, මේ සැක­කරු එම රැඳ­වි­යා­ගෙන් අල්ලස් මුදල ඉල්ලා තිබෙන්නේ. පසුව රැඳ­වි­යාගේ ඥාති­යකු විසින් මොහුගේ බැංකු ගිණු­ම­කට ලක්ෂ තුනක මුද­ලක් බැර කර තිබෙ­නවා.

ස්වාමීනි, මේ තුළින් දූෂ­ණය නමැති වරද සිදුවී තිබෙ­නවා. තව­දු­ර­ටත් විම­ර්ශන කට­යුතු සිදු වන බැවින්  ඇප පන­ත ­ප්‍ර­කා­රව සහ දූෂණ විරෝධී  පනතේ 122 වැනි වග­න්තිය යටතේ සැක­කරු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­නවා.” යැයි සිද්ධිය සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යට කරුණු දැක්වූ සුලෝ­චනා හෙට්ටි­ආ­රච්චි මහ­ත්මිය සඳ­හන් කර සිටි­යාය.

කෙසේවෙතත් සැක­කරු වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි නීති­ඥ­ව­රයා පැව­සූයේ, සැක­කරු විසින් අදාළ රැඳ­වි­යා­ගෙන් කිසිදු අව­ස්ථා­වක අල්ලස් ඉල්ලා නැති බවයි.

“ස්වාමීනි, මගේ සේවා­දා­ය­කයා අවු­රුදු දහ­යක බන්ධ­නා­ගා­රයේ වෛද්‍ය වෘත්තියේ නියැ­ළුණු  අයෙක්. මගේ සේවා­දා­ය­ක­යාට පෙර වැරදි කිසි­වක් නෑ. අල්ලස් කොමි­සම හමුවේ මගේ සේවා­දා­ය­ක­යාට විරු­ද්ධව පැමි­ණිල්ල කර තිබෙන්නේ ආමි අසංක නමැති රැඳ­වි­යාගේ බිරිය විසින්.

ඔහු බන්ධ­නා­ගාර රෝහලේ ප්‍රති­කාර ලබන විට ඔහු සතුව තිබී ජංගම දුර­ක­තන හසුවී තිබෙ­නවා. එම ජංගම දුර­ක­තන භාවි­ත­යෙන් ඔහු බන්ධ­නා­ගාර රෝහලේ සිටි­යදී  මත්ද්‍රව්‍ය ජාවා­රම ද කර තිබෙ­නවා. ඔහුගේ එම කට­යු­තු­ව­ලට මගේ සේවා­දා­ය­කයා විරුද්ධ වී තිබෙ­නවා. ඒ නිසා එම රැඳ­වි­යාගේ බිරිය මේ ආකා­ර­යෙන් අල්ලස් කොමි­සම හමුවේ පැමි­ණි­ල්ලක් සිදු කර තිබෙන්නේ. මගේ සේවා­දා­ය­කයා කිසිදු අව­ස්ථා­වක අදාළ රැඳ­වි­යා­ගෙන් අල්ලස් මුද­ලක් ඉල්ලා නෑ.

ස්වාමීනි, මගේ සේවා­දා­ය­කයා ව්‍යාපාර කරන අයෙක්. ඒ නිසා ඔහුගේ බැංකු ගිණුම් පිළි­බ­ඳව සොයා ගැනීම අප­හසු වන්නේ නෑ. එවන් වට­පි­ටා­ව­කයි මගේ සේවා­දා­ය­කයා නොදැ­නු­ම්ව­ත්වම මේ මුදල් ඔහුගේ ගිණු­මට බැර වී තිබෙන්නේ. එසේ නොමැ­තිව ඔහු අදාළ රැඳ­වි­යා­ගෙන් ඉල්ලා ලබා ගත් මුද­ලක් නෙවෙයි.

ස්වාමීනි, මේ සිද්ධිය මාස ගණ­න­කට පෙර සිදු වූ සිද්ධි­යක්. අල්ලස් මුද­ලක් ගන්නා අව­ස්ථා­වේදී හෝ මුදල් ඉල්ලා සිටින අව­ස්ථා­ව­කදී නෙවෙයි මගේ සේවා­දා­ය­කයා අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු කළේ. ඔහුගේ නිවෙ­සේදී විම­ර්ශන නිල­ධා­රීන් ඔහු අත්අ­ඩං­ගු­වට ගත්තේ.  මගේ සේවා­දා­ය­ක­යාට විම­ර්ශ­න­යට බල­පෑම් කිරී­මට කිසිදු හැකි­යා­වක් නෑ.

මොහුගේ බිරිය ද පිළිකා රෝගි­යෙක්. කුඩා දරු­වන් තිදෙ­න­කුගේ පියෙක්. මොහුගේ බිරි­යත් අස­නී­ප­යෙන් සිටින අව­ස්ථා­වක මොහු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත වුව­හොත් දරු­වන් සහ බිරිය දැඩි පීඩා­ව­කට ලක් වෙනවා. එම නිසා ස්වාමීනි, සුදුසු ඇප­යක් මත මගේ සේවා­දා­ය­කයා මුදා හරින ලෙස අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­නවා.” යනු­වෙන් නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීය.

දෙපා­ර්ශ්ව­යෙන්ම ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ කොළඹ අති­රේක මහේ­ස්ත්‍රා­ත්ව­රයා සිද්ධි­යට අදාළ සැක­කරු මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියෝග කළේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka