gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ට අසාධ්‍යයි උසාවි එන්න බෑ... නිසි ප්‍රතිකාර නැත්නම් වකුගඩුවට හා මොළයට හානියක් වෙයි - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආසන්න දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වනු ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසන ආකාරයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආසන්න දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි බවයි.

එයට හේතුව ලෙස ඔහු සදහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට විජලන තත්ත්වයක් ඇති වී තිබෙන අතර ඒ හේතුවෙන් ඔහුගේ රුධිරයේ සහ අනෙකුත් ශාරීරික සලකුණු වල වෙනස්කම් දක්නට ලැබෙන බවයි.

මෙම තත්ත්වය ‘හීට් ස්ට්‍රෝක්’ තත්ත්වයක් විය හැකි බව ඔහු පවසයි. වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසන්නේ මෙම තත්ත්වයට හේතුව අධිකරණයට ඉදිරිපත් වූ දින ඔහු පැය 10ක පමණ කාලයක් අධික උණුසුම යටතේ උසාවියේ රැඳී සිටීම බවත් එම කාලය තුළ ඔහුට ජලය හෝ ආහාර නිසි ලෙස නොලැබෙන්නට ඇති බවත් සැක කරන බවයි.


වැඩිදුරටත් ඔහු සදහන් කලේ , හිටපු ජනාධිපතිවරයාව විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් සමීපව අධීක්ෂණය කරන අතර දැඩි වෛද්‍ය නිරීක්ෂණයක් යටතේ විජලනයට අදාළ ප්‍රතිකාර ලබා දෙන බවයි.

තවදුරටත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ , විජලන තත්ත්වය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් එය වකුගඩු, මොළය සහ අනෙකුත් ප්‍රධාන අවයවවලට බලපෑම් ඇති කරමින් දැඩි සංකූලතා ඇති විය හැකි බවයි.

ඒ නිසා තවමත් ඔහුව දැඩි සත්කාර ඒකකයේ තබා අවදානම වළක්වා ගැනීමට කටයුතු කරන බව වාර්තා වේ. තවදුරටත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ නිසි ප්‍රතිකාර ලබාදීමෙන් පසු හිටපු ජනාධිපතිවරයාට දින දෙක තුනකින් හෝ තුනකින් පමණ යථා තත්ත්වයට පත්වී සාමාන්‍ය පරිදි හැසිරීමට හැකි වනු ඇතැයි පවසයි.

එමෙන්ම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බැවින් ඔහුට උසාවි කටයුතු සඳහා සහභාගී වීමට නොහැකි බව ද වෛද්‍යවරයා පවසයි.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka