gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇප ලැබිලා නිසා රනිල්ට සම්පූර්ණ නිදහස... තව දින දෙකයි!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප ලැබිලා තිබෙන නිසා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගැනීමට සම්පූර්ණ නිදහස තිබෙන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා තව දින දෙකක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයිද නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා තවදුරටත් රැඳවියෙකු නොවන බැවින් ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වෙත වුවද යොමුවිය හැකි බවත් ඔහුගේ විජලනය තත්ත්වය මේ වනවිට පහව යමින් තිබෙන බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කරයි.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ,

“මම කිව්වේ ඔහුට වැඩිදුර ප්‍රතිකාර ගන්න වෙයි. ඉක්මනින් කරගන්න එක ඔහුට හොඳයි. දැන් ඇප ලැබිලා නිසා ඔහුට සම්පූර්ණ නිදහස තියෙනවා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්න.

විශේෂඥ වෛද්‍යවරුන් පවසන ආකාරයට ඔහුට තව දිනයක් දෙකක් ඉන්න වෙනවා. නමුත් ඔහුට තිබුණ උග්‍ර ප්‍රශ්නය වන විජලනය හා සම්බන්ධ තත්ත්වය දැන් ක්‍රමක් ක්‍රමයෙන් පහව යනවා. නමුත් හඳුනාගත් වෙනත් රෝගවලට ඉක්මනින් ප්‍රතිකාර ගන්න වෙයි.”

අද (27) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මේ බව සඳහන් කරයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka