gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දේශබන්දුට ඇප!

පසුගිය 2022 වසරේ ගාලු මුවදොර අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (27) නියම කළේය.

ඒ අනුව සැකකාර හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත් සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කළාය.

තවද කැඳවීම් සිදුකරනු ලබන අවස්ථාවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, අධිකරණයට පැමිණ විමර්ශන කටයුතුවලට සහාය විය යුතු බවත් එසේ කැඳවනු ලබන අවස්ථාවල මගහැරීම් සිදුකරන්නේ නම් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාරගත කරන බවද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

අනතුරුව මෙම පැමිණිල්ල එළඹෙන සැප්තැම්බර් මස (03) වනදා කැඳවීමටද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka