gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විල්පත්තුවේ ඉල්මනයිට් ජාවාරම පසුපස චාමර සම්පත්!

අරුවක්කාඩු ඉල්මනයිට් සේදීමේ ස්ථානය නීත්‍යනුකූල අවසරය පවා නොමැතිව පවත්වා ගෙන ගොස් ඇත්තේ හිටපු චාමර සම්පත් දසනායක ඇමතිවරයාගේ සෘජු මැදිහත් වීමෙන් බවට තහවුරු වී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායක ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා එම භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් පැවසීය.

විල්පත්තුව ජාතික වන උද්‍යාන මායිමේ පුරා විද්‍යා අධිසංවේදී පරිසර කලාපයක පිහිටා ඇති මෙම ඉල්මනයිට් සේදීමේ ස්ථානය කිසිදු බියකින් තොරව මෙතරම් හානිදායක ලෙස පවත්වාගෙන යාම සිදුව ඇත්තේ දේශපාලකයන් තම හිතුමතයට කටයුතු කිරීමෙන් නිසා රාජ්‍ය නිලධාරීන්ට පවා මෙවැනි ව්‍යාපෘති පිළිබඳව නිසි තීරණ ගැනීමේ වාතාවරණයක් තිබී නැති බවත් ඔහු පැවසීය.

ඇමතිවරයා මෙසේ පැවසීය.

‘අපි මෙම ස්ථානයට සම්බන්ධ වන්නේ කර්මාන්තඅමාත්‍යාංශය යටතේ තිබෙන සිමෙන්ති සංස්ථාවට අයිති භූමියක් වීම හේතුවෙන්, දැනට සීමෙන්ති නිෂ්පාදනය කරන ඉන්සි සිමෙන්ති සමාගම් සිමෙන්ති නිෂ්පාදනයට හුණුගල් ලබා ගැනීමට පෙර තිබෙන පස් තට්ටුව තුළ තමා මෙම ඉල්මනයිට් සාන්ද්‍රණය යොදා ගනිමින් මෙම ස්ථානයෙහි ඉල්මනයිට් සේදීම කර තිබෙන්නේ.

මෙම ඉල්මනයිට් සැකසීමේ කර්මාන්තය සඳහා සිමෙන්ති සංස්ථාවෙන් ඉඩම් ලබා ගැනීමේදී කැබිනට් අනුමිතියක් නැතුව නීතිපතිගෙන් අනුමතකරගන්නේ නැතුව තනි කැමැත්තට බොලර් 50,000ක් ලබා දීමෙන් නියමු ව්‍යාපෘතියක් විදිහට කර තිබෙන්නේ.

නමුත් නියමු ව්‍යාපෘතියක් අවුරුදු 30 ක කාලයට කරන්න පුළුවන් තමක් නැහැ. අපි මෙම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කිරීමෙන් පසු අනාවරණය කර ගත්තා, මධ්‍යම පරිසර අධිකාරිය,භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශය, පුරා විද්‍යා අංශවල අවසරයක් නැතිව මෙම කටයුතු කර තිබෙනවා. තමන්ට මේ සඳහා අනුමැතිය ලැබනවා යැයි පූර්ව නිගමනයකින්.

මෙම කටයුත්ත පිටුපස හිටපු ඇමති චාමර සම්පත් හිටියා කියන එක තහවුරු වී තිබෙනවා. ඇමතිවරයාගේ බලය යොදා ගනිමින් මෙම ආයතනය මෙම කටයුතු කර ඇති බවට තහවුරු වී තිබෙනවා.

මෙය විල්පත්තුව ජාතික වන උද්‍යානය ආසන්නයෙහි තිබුණත් එය ආරක්ෂා වන ලෙස කටයුතු කර නැහැ.

ඉල්මනයිට් ඛනිජ නීත්‍යනුකුල රාමුව තුළ ලබා ගැනීමට හැකි නම් සියලු පාර්සරික නීතිවලට අවනත වෙමින් එය කරන්න අපි මැදිහත් වෙනවා. ලෝකය මේ වන විට ප්‍රග්ධනය උපයා ගන්නේ විවිධ ඛනිජ වලින්. ඒ නිසා මේ සමීපත නිසි ලෙස කැණීමේ හැකියාව පවතිනවාද යන්න අපි සොයා බලනවා. ඛනිජ සම්පත් භාවිතය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකසා එම ප්‍රතිපත්තිය අනුව කටයුතු කරන්න අපි සුදානම්.

පසුගිය කාලයෙහි සිදුවූ ලෙස දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් මෙවැනි පරිසර පද්ධති වනසා දමින්නට අපි ඉදිරියෙහිදී ඉඩ දෙන්නේ නැහැ.

වැටලීම් කළ වලාන කණ්ඩායමට මෙන්ම මෙය හෙළි කළ මාධ්‍යයට ස්තුතියි කරනාවා රාජ්‍ය ආයතන මේ පිළිබදව කටයුතු ඇති ආකාරය අපි සොයා බලමින් සිටිනවා”

– නිරාන් ප්‍රියංකර
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka