gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති ලේකම් අමාරුවේ දැම්මේ රනිල් නෙමෙයි අනුර…. අනුරට ඉන්න වෙන්නේ නිවාස අඩස්සියේ!

නීතීඥ නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් පහත දැක්වෙයි.

කාපු පතේ රීපු ජනාධිපති ලේකම් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම බොහෝ නීතීඥ මහත්වරු සමග ප්‍රකාශ කර තිබූ පරිදි රනිල් වික්‍රමසිංහ ව අත් අඩංගුවට ගැනීම පිළිබඳව අනුර කුමාර දිසානායක ජනාධිපති වරයා හාංකවිසියක් නොදන්නා බවයි. මටද එය පිළිගැනීමට සිදු වේ. එනම් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ දුකට සැපට සනී මෙන් සිටින උපුල් කුමාරප්පෙරුම කියන දේ අපි පිළිගත යුතු අතර ,අද දින කළුතර පැවති උත්සවයකදී සෞඛ්‍යය ඇමැති නලින්ද ජයතිස්ස ද ප්‍රකාශ කළේ ආණ්ඩුව මේ පිළිබඳව කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

එසේ නම් මෙය සිදු වී තිබෙන්නේ කෙසේද? මට වැටහෙන අන්දමට මෙම මෙහෙයුමේ සිට තිබෙන්නේ ජනාධිපති ලේකම්, සුදන්ත තිලකසිරි සහ බොහෝ දුරට මහින්දානන්ද අලුත්ගමගේ සම්බන්ධ නඩු තීන්දුව මහේෂ් වීරමන්,ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර ලවා මාලිමා ආණ්ඩුව නිසා ලබා ගත් බව ප්‍රකාශ කළ හර්ෂණ නානායක්කාර විය හැක.මක් නිසාද යත් මිටද නඩු තීන්දුවක් සුදන්ත තිලකසිරි කියන ආකාරයට රක්ෂිත බන්ධනාගාර ගත කරන ආකාරයේ එකක් ලබා ගත යුතු වීම නිසා වේ. මන්ද රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත වන ආකාරයේ නඩු තීන්දුවක් මාලිමා ආණ්ඩුව නොතිබුණ නම් නොලැබෙන බව හෙට අනිද්දා හර්ෂණ නානායක්කාර විසින් සමහර විට ප්‍රකාශ කරනු ඇත.

අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා ආචාර්ය කුමානායක රාජ්‍ය සේවයේ නොම්මර එක නොකළා නම් ඔහුට රේගු අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් වත් විශ්‍රාම යාමට නොලැබෙන අතර රේගුවේ සහකාර රේගු අධ්‍යක්ෂ ජනරාල් කෙනෙක් මට්ටමේ සිට විශ්‍රාම යාමට සිදු වනු ඇත.

ඔහු එතන සිට එකට කෑවත් බොක්ක වෙනස් යන කියමන යථාවත් කරමින් අනුර කුමාර දිසානායක විධායක ජනාධිපති ලෙස භුක්ති විඳින බලතල කෙරෙේ නොපහන් සිත් ඇති කර ගනිමින් විශ්ව විද්‍යාලයේ එකට වල බැහැපු අනුරගේ වරප්‍රසාද කැපීමේ අදහසක් පහල කොට ගෙන ඒ කිරීම සදහා කෙටි මාරගයක් වශයෙන් මේ නඩු කටයුත්ත ආරම්භ කරන ලදී.

දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගේ විදේශ සංචාරය අරබයා ඔහු අනුරට හොරෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදු කර ඒ සම්බන්ධයෙන් නඩු කටයුත්තක් ආරම්භ කරවන ලදී.ඒ අනුව විධායක ජනාධිපති ගේ පෞද්ගලික සංචාරයක් සදහා රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් ගොනු කරවා සුදන්ත තිලකසිරි කියූ ආකාරයට රණිල්ව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරවන ලදී.

ඒ නඩුවේ ඉස්මතු වූ කරුණු අනුව රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර ගත වුවත්,මින් වැඩිම හානිය සිදු වූයේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හට වේ. රනිල්ගෙ තීන්දුවෙන් පසු විධායක ජනාධිපති ගේ නිල නොවන කටයුතු සඳහා නිල රථය භාවිතා කළ නොහැකි අතර , ජනාධිපති පෞද්ගලික කටයුත්තක් සදහා නිල රථයේ ගමන් කළ නොහැකි නිසා පුද්ගලික වාහනයක් ගෙන්වා ගත යුතු අතර රියදුරු ද රැගෙන යාමට නොහැකි නිසා එම වාහනය තමන්ම පදවා ගෙන හෝ පෞද්ගලික රියදුරෙක් යොදා ගත යූතු වේ.

එමෙන්ම පෞද්ගලික කටයුත්තක් එනම් මිත්‍රයෙක් හේ මංගල හෝ අවමංගල හෝ සාදයකට සහභාගී වීම සදහා විශේෂ කාර්ය බලකාය හෝ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් රැගෙන යාම තහනම් වන අතර සිය මව බැලීම සදහා තඹුත්තේගම යාම සදහා ද පෞද්ගලික වාහනයක් යොදා ගත යුතුව ඇත.

සිය නිල ජංගම දුරකථනයෙන් රජයේ නිලධාරී න් ට මිස සිය හිතවතුන් ට ඇමතුම් ලබා ගත නොහැකි අතර, අවසානයේ අනුර කුමාර දිසානායක ට රාජ්‍ය උත්සව වලට සහභාගී වීම සදහා හැරුනු කොට ගමන් කළ හැක්කේ ජනාධිපති කාර්යාලයේ සිට සිය නිවසට පමණක් වේ. රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන දිවිය දැන් නිමා වී ඇති අතර ඉදිරි වසර ගණනාවක්ද සදහා අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා තම රාජකාරි කිරීමේදී මේ පිළිබඳ දැඩි අවධානය යොමු කර සිටීමට සිදු වනු ඇත.

රනිල් වික්‍රමසිංහ ට ලබා දුන් මේ තීන්දුවෙන් අමන්දානන්දයට පත් වී ඇති මාලිමා පාක්ෂිකයනි හොදින් ඇස් ඇර බැලූ විට ජනාධිපති ලේකම්ගේ මේ පැමිණිල්ලෙන් කෙළ වී ඇත්තේ රනිල්ට නොව අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට වේ. අවසානයේ අනුර කුමාර දිසානායක ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට නිවසට සහ නිවසේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට එහා මෙහා පමණක් ගමන් ගන්නා විධායක සිර කරුවෙක් වනු ඇත.

නීතීඥ නාමල් රාජපක්ෂ
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka