මහනුවර පන්නිලතැන්න ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථ රියදුරෙකු ගිලන් රථයේ ගමන් කරමින් සිටි සෞඛ්‍ය කාර්ය සහයිකාවකට ගිලන් රථය තුළ දී අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.
අතවරයට පත් තැනැත්තිය පුපුරැස්ස පොලිසියට ඊයේ (14) කළ පැමිණිල්ලකට අනුව ගිලන් රථ රියදුරාට එරෙහිව පොලිස් විමර්ශනයක් ද මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් ද විශේෂ විමර්ශනයක් ද මේ වනවිට පවත්වාගෙන යයි.
පන්නිලතැන්න ප්‍රාදේශීය රෝහලේ සිට ගම්පොල රෝහලට මාරු කරන ලද රෝගියෙක් ගිලන් රථයෙන් රැගෙනගොස් ගම්පොළ රෝහලට භාර දී ආපසු පැමිණෙමින් සිටිය දී රථය පාළු ස්ථානයක නවත්වා සෞඛ්‍ය කාර්ය සහයිකාවට ගිලන් රථ රියදුරා විසින් මෙම අතවර කිරීම සිදුකර ඇතැයි විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.
ගිලන් රථ රියදුරාගේ තර්ජනයට බිය වී සෞඛ්‍ය කාර්ය සහායිකාව සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේ දී පොලිසියට පැමිණිල්ලක් කර නැතත් ඇය අද පුපුරැස්ස පොලිසියට සිය පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරමින් අදාළ කාන්තාව වෛද්‍ය පරීක්ණයක් සඳහා ගම්පොළ රෝහලට යොමුකළ බව පොලීසිය පවසයි.