gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේක නම් නියම වැඩක්! අලුත් පොලිස්පති පොලිසිය ඇතුළෙන්ම වැඩේ පටන් ගනී! ආදායමට වඩා වත්කම් උපයාගෙන ඇති OICගේ ඉඳන් DIG දක්වාම හොයන්න ගනී! හිටපු පොලිස් ලොක්කන්ටත් ගැලවිල්ලක් නෑ!

සිය ආදායමට වඩා වත්කම් උපයාගෙන ඇති පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මෙන්ම පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ සමීපව ඇසුරුකරන උසස් පොලිස් නිලධාරීන් හඳුනා ගැනීමට විශේෂ වැඩ පිළිවෙලක් පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය ඊයේ (14) දිනයේදීම ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙහිදී මෙම හඳුනාගැනීම සිදුවන්නේ ඉහළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්.

පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් ඉහළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා ඉහළ නිලධාරීන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

එසේ හඳුනාගන්නා නිලධාරීන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට දැනුම්දීමටත් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් විමර්ශ කොට්ඨාශය මගින් විමර්ශනයක් පැවැත්වීමටත් කටයුතු කරනු ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළා.

සිය ආදායමට වඩා හිතාගන්නවත් බැරි තරමට වත්කම් උපයාගෙන සිටින පොලිසියේ ඉහළ නිලධාරීන් රැසක්ම පොලිස් සේවයේ සිටී.

එවැනි නිලධාරින් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාවද විමර්ශන පවත්වන අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද ඒ අතර සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එසේ ආදායමට වඩා විශාල ලෙස වත්කම් උපයා ඇති ඇතැම් පොලිස් නිලධාරීන්ට හෝටල් පවා ඇති බව සඳහන්.

පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමත් සමඟ කෝටිපතියන් වූ ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන්ද විමර්ශන පැවැත්වෙන බව ද ආරංචි මාර්ග අනාවරණය කළා.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka