gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහබැංකුවේ ලොක්කෝ අලුතින් ගත්ත BYD ඉලෙක්ට්‍රික් වාහනවලට තෙල් ගහලා (VIDEO)

මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් සඳහා ලබා දී ඇතැයි පැවසෙන BYD මාදිලියේ මෝටර් රථ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අනාවරණයක් කළේය.

ඔහු පැවසුවේ, මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් සඳහා එම මෝටර් රථ 10 ක් හෝ 11 ක් ලබා දී ඇති බවයි.

ඊට අමතරව එම විදුලි වාහන සඳහා ඔවුන් ඉන්ධන දීමනාව ද ලබාගෙන ඇතැයි මන්ත්‍රීවරයා අනාවරණ කළේය.

එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ මාස 03 ක කාලයක් සඳහා එලෙස ඉන්ධන දීමනාව ලබාගෙන ඇති බව සහ තමන් පාර්ලිමේන්තුවේදී ද මේ සම්බන්ධයෙන් අදහස් පළකළ බවයි.

විදුලි වාහන සඳහා ඉන්ධන ලබාගන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා පැවසුවේ ඒවා රජයක් මුහුණදෙන ගැටලු බවයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka