ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ට එරෙහිව සමගි ජන බලවේගය විශ්වාස භංග යෝජනාවක් භාරදීමට තීරණය කර ඇත.
මෙම යෝජනාව ලබන සඳුදා කතානායකවරයාට භාරදීමට නියමිත බව සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.
පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී නැගෙනහිර පළාත් භාර යුද හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළේ අරුණ ජයසේකර ය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අවස්ථාවක ඔහු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමෙන් එම පරීක්ෂණවලට බාධා ඇතිවිය හැකි බව මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පෙන්වා දුන්නේය.
මෙයට අමතරව තවත් මන්ත්‍රීවරු රැසක් ඔහුගේ ක්‍රියා කලාපය පාර්ලිමේන්තුවේදී විවේචනය කළහ.
ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාව මතු පළවේ.