gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිළි වරම දෙන්න නිරුවත් රූප ගෙන්වා ගෙන සෝමරත්න දිසානායකට රඟපෑ තැපැල් සේවකයා රිමාන්ඩ්

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක ලෙස පෙනී සිටිමින් චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව සලසා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගත් බව කියන සැකකාර තරුණයෙකු මෙම මස 21 වන දා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග ඊයේ (අගෝ. 7) නියෝග කළා ය.

තැපැල් සේවකයෙකු වන පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සැකකාර තරුණයෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

කිසියම් පුද්ගලයෙකු තමන්ගේ ඡායාරූපය යොදා සකස් කර ගත් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් හරහා කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඇති බවට චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව පොල්ගහවෙල ප්‍රදේශයේදී සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බවය.

සෝමරත්න දිසානායක වශයෙන් පෙනී සිටි මෙම සැකකාර පුද්ගලයා චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව සලසා දෙන බවට පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල වයස 20 හා 35 අතර වියේ පසුවන තරුණියන්ගේ හා කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාර පුද්ගලයා මෙම මස 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියම කළා ය.

( mawbima | Kumudu Upul Shantha)
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka