gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆේස්බුකියෙන් ගෝඨාට අපහාස කළ ජනාධිපති මාධ්‍ය ලොක්කෙක් අධිකරණයේදී වරද පිළිග

අරගල සමයේදී ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂට අපහාස වන අයුරින් හා ජාතීන් අතර අසමගිය ඇතිවන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරන ලදැයි කියන සිද්ධියකට අදාළව ජනාධිපති මාධ්‍ය අංශයේ ප‍්‍රධානියෙකු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙරේදා (7 වැනිදා) වරද පිළිගත්තේය.

එලෙස වරද පිළිගත් දුමින්ද ​සෙනරත් නමැති සැකකරුට දැඩි ලෙස අවවාද කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග, අදාළ සැකකරු නඩුවෙන් මුදා හරින ලෙස නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුට එරෙහිව පවරා තිබූ නඩුවක් ඊයේ කැඳවූ අවස්ථාවේදී සැකකරුගේ නීතිඥ ලලිත් පතිරණගේ කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බැවින්, ඔහුට දඬුවමකින් තොරව අවවාද කර මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දන්වා සිටියේ, මෙම සැකකරු විසින් ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙන බවයි.

ඉකුත් අරගල සමයේදී සැකකරු විසින් පවත්වාගෙන ගිය ෆේස් බුක් පිටුවක් ඔස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කළ හොත් රට පුරා කාති උසාවි 100 ක් පිහිටුවන බවට ඇමැති අලි සබ්රිට පොරොන්දු වී ඇති බව සඳහන් කරමින් අසත්‍ය ප්‍රකාශයක් පළකර ඇති අතර, ඊට අදාළව වරද පිළිගැනීමට සැකකරු සූදානම් බවට ඔහුගේ නීතිඥවරයා දැනුම් දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියහ.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය, සැකකරුට අවවාද කරමින් එම නඩුවෙන් ඔහු මුදාහරින ලෙස නියම කළාය.

Aruna
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka