අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් උන්වහන්සේ බිය ගන්නා 2020 වසරේදී එම පක්ෂයට ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් උන්වහන්සේ වැඩ සිටින රාජගිරියේ සඳහම් සෙවන වෙත ඊයේ (07) රාත්‍රී කාලයේ ගොස් තිබෙනවා.
ඒ යනවිට උන්වහන්සේ එහි රැදී සිට නැති අතර, ජංගම දුරකථනය පවා අක්‍රියකර සැඟව සිටින බවයි කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම සේවයෙන් නෙරපා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රශ්න කිරීමට නියමිතයි.
මෙම පැහැරගැනීම සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ගේ සම්බන්ධයක් ගැන පැමිණිල්ලෙහි පැහැදිලිවම සඳහන් වන බව කොළඹ අපරාධ කොට්ඨාශයේ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
වසර 05 කට පමණ පෙර සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පළමු සැකකරු අත්අඩංගුවට ගන්නේ පසුගිය ජූලි 20 වෙනිදාය.
පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අතුරලියේ රතන හිමියන්ට ලබාගැනීමට තමාව පැහැරගෙන ගොස් ලිපි ලේඛන කිහිපයකට බලහත්කාරයෙන් අත්සන් ගත් බව පැමිණිල්ලෙහි සඳහන් බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරනවා.
මුලින්ම අත්අඩංගුවට ගත් සැකකරු කටුවන, කිරිමානගොඩ පදිංචිකරුවෙක් වන සැකකරු අවුරුදු 35ක් වයසැති අයෙක්.
මෙම සැකකරු කටුවන නන්දසීහ හිමි නමින් පැවදි වී සිටි අයෙක් බව විමර්ශන වලින් අනාවරණය වී ඇති අතර, පැහැරගැනීම සිදුකර ඇත්තේ ඔහු සහ අනෙත් සැකකරු විසිනි.
අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් වේදනිගම විමලතිස්ස හිමියන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත්වීම වලක්වමින් උන්වහන්සේ පැහැරගෙන වෙනත් අයෙකු නමි කිරීම සදහා මෙම පැහැරගැනීම සිදුව ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා.
කොළඹ දිසා අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දුරකථන ජාල විශ්ලේෂණයකදී පැහැදිලිවම අනාවරණය වී ඇත්තේ මෙම පැහැරගැනීම සිදුවූ අවස්ථාවේදී සිටම අතුරලියේ රතන හිමි සැකකරුවන් සමග දුකරථනයෙන් අසාමාන්‍ය ලෙස සම්බන්ධව සිට ඇති බවයි.
මෙම පක්ෂයේ නායකයා බව සඳහන් සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් 2024 ජනවාරි 22 දා අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී පාතාලයේ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඝාතනය වුණා.
Athuraliye Rathana Thero Arrested