gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චන්ඩි පියුමාලි අත්අඩංගුවට?

ව්‍යාපාරික තිළිණි පියුමාලිට අද (15) දින හෝමාගම මූලස්ථාන පොලිසිය හමුවේ ‌පෙනී සිටින ලෙසට හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (14) දින නියෝග කළාය.

ඒ හෝමාගම දිසා අධිකරණයෙහි සිතාසි ‌බෙදන්නා සහ ඇස්කිසි ක්‍රියාත්මක කරන්නාගේ රාජකාරියට බාධා කරමින් අධිකරණයේ කටයුතු වලට හිතාමතා බාධා කිරීම සහ යුක්තිය ඉෂ්ටවීම ‌වැළැක්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ය.

තිළිණි පියුමාලි පසුගිය ජුනි (16) වන දින අධිකරණයෙහි විභාග වන නඩුවක් සඳහා පෙනී සිටීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණෙන බැවින් ඇය වෙත ලබාදීමට නියමිත සිතාසියක් එදිනට ලබාදෙන ලෙස පැමිණිල්ල විසින් සිදුකළ ඉල්ලීමක් මත දිසා අධිකරණයේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි එම අධිකරණයෙහි සිතාසි බෙදන්නකු වන අරුණ ප්‍රේමශාන්ත යන අය විසින් අධිකරණය ඉදිරිපිට මාර්ගයේදී එම සිතාසිය විත්තිකාරිය වෙත ලබාදීමට කටයුතු කර ඇත.

එම අවස්ථාවේදී විත්තිකාර තිළිණි පියුමාලි විසින් මාර්ගයේ ගමන් කළ ජනතාව ඉදිරිපිටදී සිතාසි බෙදන්නාට බැණ වදිමින් අදාල සිතාසිය උදුරාගෙන එහි පිටුපස කුරුටුගා කිසිවක් ලියා නැවතත් සිතාසි බෙදන්නා වෙත එම සිතාසි පත්‍රය දමා ගසමින් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් බැණ වැදී ඇතැයි සිතාසි බෙදන්නකු වන අරුණ ප්‍රේමශාන්ත යන අය අධිකරණය වෙත සිදුකළ පැමිණිල්ලේ සඳහන්ව ඇත.

අනතුරුව මේ සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් විමර්ශනය කටයුතු සිදු කරමින් සිටින අතරතුර විත්තිකාරිය ඊයේ (14) දින අධිකරණයෙහි පෙනී සිටියද ඇය පිළිබඳව පොලිස් විමර්ශනයක් සිදුකර නොමැති බවත්  පොලිස් විමර්ශනයකින් සැකකරුවෙකු ලෙස හඳුනාගත් අයෙකුට පමණක් අධිකරණය වෙත පෙනී සිටිය හැකි බැවින් විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටීමට තම විරෝධය පළ කරන බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සුමිත් පරාක්‍රම පෙරේරා අධිකරණය හමුවේ සඳහන් කළේය.

අනතුරුව අධිකරණයේ නිලධාරියකුට සිදුවූ අකටයුත්තක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබියදී ඒ පිළිබඳව විමර්ශන ප්‍රමාද වීම පිළිබඳව මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන් විමසා සිටියේය.

එහිදී පොලිසිය වෙනුවෙන් පෙනී සිට නිලධාරියා අධිකරණය වෙත පවසා සිටියේ, විත්තිකාරිය සොයා කිහිප වතාවක් ඇයගේ නිවස වෙත ගියද ඇය පොලිසිය මගහරිමින් කටයුතු කිරීම නිසාවෙන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි.

එම අවස්ථාවේදී පොලිසිය ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳ මහේස්ත්‍රාත්වරිය විසින් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළේය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka