gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

2015 මහින්ද මහත්තයාගේ පරාජය මේ රටට වැදුණු හෙනයක්…! – ජොන්ස්ටන් ප්‍රනාන්දු

ජනතා බලය මුළු ලෝක­යේම ශක්ති­මත් බලය බව ආණ්ඩු­වට මතක් කරන බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

“හිර­ගෙ­වල් පුර­වලා සදා­කල් බලයේ සිටී­මට ආණ්ඩුව සිතන්නේ නම් ඒක විහි­ළු­වක්. නඩු දැමීම අලුත් දෙයක් නෙවෙයි. 2015-2019 කාලයේ එය හොඳින් අත් වින්දා. හිර­ගෙ­වල් පිරෙව්වා කියලා ප්‍රශ්න යට ගහන්න බැහැ. ජන­තාව දැන් දන්නවා වැඩ කරන්න බැරි නිසයි මේ වගේ දේවල් කරන්නේ කියලා. ආණ්ඩුව කරන්නේ ගැල­රිය චූන් කරන වැඩක් කියන එක ජන­තාව අව­බෝධ කර ගනි­මින් ඉන්නවා. ඒකයි මැති­ව­ර­ණ­යක් ඉවර වෙලා මාස ගානක් යද්දි ජන­තාව ආණ්ඩු­වට මතක හිටින පාඩ­මක් ඉගැ­න්නුවේ.

රටට විශාල සේව­යක් කළ හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා 2015 වස­රේදි පරා­ජ­යට පත් වුණා. ඔහු සිටිය නම් රට මේ ආකා­ර­යට වැටී­මක් සිදු­වන්නේ නැහැ. 2015 වසරේ දි මහින්ද රාජපක්ෂ මහ­ත්ත­යාගේ පරා­ජය මේ රටට වැදුණු හෙණ­යක්.

වත්මන් ආණ්ඩුවේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යක් නැහැ. බලය වෙනු­වෙන් නීතිය නවා ඕනෑම තීන්දු­වක් ගැනී­ට සූදා­නම්. අපි පක්ෂ­යක් විදි­යට ඒකට ඉඩ තියන්නේ නැහැ. අපි ජන­තා­වත් එක්ක හැම­දාම හිටපු පක්ෂ­යක්. අපට ඒකයි කිසිම බියක් නැතිව ජන­තාව ළඟට යන්න පුළු­වන්.

ජන­තාව දැන් සැබෑ තත්ත්වය තේරුම් ගෙනයි ඉන්නේ. මම හිතන්නේ නැහැ තව තවත් බොරු­ව­ලට රැව­ටෙයි කියලා. එහෙම රැව­ටෙන්න අපි ඉඩ තිය­න්නෙත් නැහැ.”

කුරු­ණෑ­ග­ල පැවැති ජන­හ­මු­ව­ක් අමතමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව කීවේය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka