gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කදානේ මහපාරේ වෙඩි තියයි.. අයෙක් මරුට.. හිටපු ඇමති ලේකම්ටත් වෙඩි!

2025.07.03 වන ඊයේ දින උදෑසන කාලයේ කඳාන පොලිස් වසමේ කඳාන පොදු වෙළඳසැල අසල ප්‍රදේශයේදි යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් කාර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට ගිනි අවියකින් වෙඩි තබා පලා යාමක් සම්බන්ධව කඳාන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විර්මශන ආරම්භ කරන ලදි.

වෙඩි තැබීම හේතුවෙන් කාර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටි එක් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 50 ක් වන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම වෙඩි තැබීම සඳහා යොදා ගන්නා ලද ගිනි අවිය පිළිබඳ අනාවරණය කරගෙන නොමැති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කඳාන පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

තුවාල කරුවන් අතර හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙකුත් සිටින බව පැවසෙයි.

මියගොස් ඇත්තේල උපාලි කුලවර්ධන නැමැති පුද්ගලයකු වන අතර තුවාල ලැබූ අනෙක් පුද්ගලයා හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සමීර මනහර නැමැත්තා බව හදුනාගෙන ඇත.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka