gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉතිහාසයේ විශාලම රන් තොගය කටුනායකින් කොටු වෙයි!

ඊයේ (16) ගුවන් මගියෙකු විසින් මෙරටට ගෙන ඒමට තැත් කළ විශාලතම රත්‍රන් තොගය කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවය කළ තම නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

කිලෝ ග්‍රෑම් 35 කට අධික බරකින් යුතු මෙම රන් තොගය රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුතු බව රේගුව පවසයි.

මෝටර් රථ අමතර කොටස් සේ පෙනෙන ආකාරයේ උපකරණ 09 ක් තුළ සගවා , ඒවා සිය ගමන් මල්ලේ ද සගවා ගෙන මෙම ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙම රත්‍රන් තොගය ගෙනවිත් තිබුනි.

ඔහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු ඊයේ දින උදෑසන 08.40 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

රන් බිස්කට් 195 ක් සහ කිලෝ ග්‍රෑම් 13 ක් බර ස්වර්ණාභරණ තොගයක් මෙසේ අත් අඩංගුවට ගත් රත්තරන් තොගයේ විය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka