gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෙහෙළිය, බිරිඳ, දූ වරු තිදෙනා සහ බෑනාට අධිචෝදනා පිරිනමයි

අද (17) කොළඹ මහාධිකරණය හමුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන් දෙනා සහ බෑණාට එරෙහිව අධිචෝදනා භාරදීම සිදු කළේය.

ඒ රඹුක්වැල්ල පවුලට එරෙහි අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන නඩු කටයුතුවලට අදාළවයි.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ භාරදීම සිදුකළේය.

පසුව විත්තිකරුවන් රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරිය නියම කළාය. 

විත්තිකරුවන්ට විදේශ ගමන් තහනම් කිරීමටද නියම කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමටත් කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නියම කළාය.

විත්තිකරුවන්ගේ ඇඟිලි සලකනු ලබාගෙන වාර්තා කැඳවීමට ද නියම වුණා. 

රුපියල් මිලියන 97කට අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම චෝදනා අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබේ.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka