gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

Exclusive : ප‍්‍රබල ඇමතිවරයෙක් ළග ළගම අත්අඩංගුවට?

අන්සතු ඉඩමක් අත්පත් කරගත් බව කියන සිදුවීමකට අදාලය රජයේ ප්‍රබල අමාත්‍යවරයකු ළඟදීම අත්අඩංගුවට ගැනෙණු ඇති බව ‘අද’ පුවත්පත වාර්තා කරයි.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත් වාර්තාවේ සඳහන් කර ඇත්තේ ගල්කිස්ස අධිකරණ බල ප්‍රදේශයේ පිහිටි පර්චස් දොළහකින් යුතු ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් එක්තරා සමිතියකට අයත්ව තිබූ බවත් මෙකී අමාත්‍යවරයා විසින් එහි සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කර තමන් විසින් සභාපති ධුරය දරාගනිමින් අදාළ ඉඩම ඉතා සූක්ෂම ලෙස තමාගේ නමට පවරාගෙන ඇති බව මෙතෙක් කරන ලද පොලිස් විමර්ශනවලදී හෙළිව ඇතැයි ද සඳහන් කරයි.

තම නමට පවරා ගැනීමෙන් පසු අදාළ අමාත්‍යවරයා එම ගොඩනැගිල්ල වෙනත් පාර්ශවයකට බදු පදනම් මත ලබා දී ඇති බවද පුවත්පත් වාර්තාව තවදුරටත් පවසයි.

මේ සම්බන්ධයෙන් විමර්ශනය පවත්වන පොලිස් නිලධාරීන් අමාත්‍යංශයක ඉහළ නිලධාරීන් ඇතුළු දස දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කර ඇති බවද තවදුරටත් සදහන්ය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka