gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආර්ථික අර්බුදයෙන් ගොඩ ආවේ ජනපති රනිල් ගත් අසීරු තීන්දු නිසායි…. රනිල් ගත් මග ගිය ජනපති අනුර විශිෂ්ටයි….! – හිටපු මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන….

ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් අසීරු හා තීරණාත්මක පියවරයන් රටේ වත්මන් සාර්ථකත්වයට හේතු වූ බව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අවධාරණය කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ දෙරණ 360 වැඩසටහනට එක්වෙමිනි.

සිරිවර්ධන මහතා පෙන්වා දුන්නේ, ආර්ථිකය දුෂ්කර තත්ත්වයක පැවති සමයේ ජනාධිපති වික්‍රමසිංහ මහතා තම දේශපාලන අනාගතය පිළිබඳ නොසිතා, රට වෙනුවෙන් අවශ්‍ය අසීරු තීන්දු ගැනීමට නොපසුබටව කටයුතු කළ බවයි. එම තීන්දු තීරණ නොගන්නට මේ සාර්ථකත්වය ගිලිහී යන්නට තිබුණු බව ද ඔහු ප්‍රකාශ කළේය.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ සාකච්ඡා අතර බොහෝ අවස්ථාවල ජනාධිපති වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගෙන උපදෙස් ලබා ගැනීමට සිදු වූ බවද සිරිවර්ධන මහතා සිහිපත් කළේය.

එමෙන්ම, රටවල් සමඟ කටයුතු කළ ආකාරය ඇතුළුව, ඔහු සමඟ කටයුතු කළ කාලය තුළ බොහෝ දේ ඉගෙන ගැනීමට ලැබුණු බවද ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන් කෙරෙහි විශ්වාසය තබා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කළ සිරිවර්ධන මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ ආර්ථික කළමනාකරණ ක්‍රියාවලිය තුළ බොහෝ තීන්දු තීරණ ගනු ලැබුවේ ඔහු විසින් බවද පැවසීය.

වත්මන් සාර්ථකත්වයට එය ප්‍රධාන හේතුවක් වූ අතර, තමන්ද එම අත්දැකීම් තුළින් බොහෝ දේ උගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මීට අමතරව, එතෙක් පවත්වාගෙන පැමිණි ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට පවත්වාගෙන යාමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණය විශිෂ්ට තීරණයක් බවද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.

2019 දී වැඩපිළිවෙළ වෙනස් කිරීම හේතුවෙන් ඇති වූ තත්ත්වය සිහිපත් කළ ඔහු, නායකයෙකු ලෙස ජනාධිපති දිසානායක මහතා එය තේරුම් ගෙන පවත්වාගෙන ආ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ඓතිහාසික තීන්දුවක් බව පැවසීය.

එම අවස්ථාවේදී ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතන, විවිධ රටවල් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වූ බවද සිරිවර්ධන මහතා වැඩිදුරටත් සිහිපත් කළේය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka