gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වසන්ත සමරසිංහ වහාම ඉල්ලා අස්වෙන්න! මෙන්න හේතුව! VIDEO

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වුයේ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ මහතාය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

‘‘වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණ මුල් කාලයේදී රටේ සහල් අර්බුදයක් ඇතිවුණා. සහල් අර්බුදය පැමිණි අවස්ථාවේදී ලංකාට සහල් ආනයනය කරන අවසාන අවස්ථාව මෙය බව වසන්ත සමරසිංහ ඇමැතිවරයා ප්‍රකාශ කළා. ඒ බව වසන්ත සමරසිංහ ඇමැතිවරයා සඳහන් කළේ මීට වසරකට පෙරයි. ඒ වගේම රටේ සහල් හිගයක් ඇතිවුණොත් පිටරටින් සහල් ගෙන්න ඇමැතිධුරය පිටකොටුවේ තොග වෙළෙන්දෙකුට දෙන්න පුලුවන් කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම පෙර පැවැති ආණ්ඩුවල කටයුතු නිසා පිටරටින් සහල් ආනයනය කරන්න සිදුවුණා කියලා ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසු වසන්ත සමරසිංහ ඇමැතිවරයාට ප්‍රකාශ කරන්න හැකියාවක් තිබුණා. නමුත් නැවත වතාවක් සහල් මෙට්ට්‍රික්ටොන් 40,000 ක් ගෙන්වන්න රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලැජ්ජාවක් තිබෙනවානම් වෙළඳ ඇමැතිධුරය තොග වෙළෙන්දෙකුට දීම කෙසේ වෙතත් වසන්ත සමරසිංහ ඇමැතිවරයා ඔහුගේ ඇමැතිධුරය අත්හැරිය යුතුයි.

ඒ වගේම ලංකාවට ඉන්දියාවෙන් ලුණු ගෙන්වීමේදී කොළඹ වරායට රුපියල් 68 ක පැමිණෙන ලුණු කිලෝවක් සඳහා රුපියල් 6 ක ප්‍රවාහන ගාස්තුවක් ද සහිතව ලුණු වෙළඳපොලේ විකුණිම සිදුකරන්නේ රුපියල් 180 කට බව සිවිල් සංවිධාන කිහිපයක් හෙළි දරව් කරනු ලැබුවා. මොවුන් මෙම තොරතුරු තොරතුරු දැන ගැනිමේ පනත හරහා තමයි ලබාගෙන තිබෙන්නේ. ඒ වගේම ලුණු විකිණිම ආණ්ඩුවට හිතවත් සමාගමකට ලබාදි ඇති බවත් එහිදී හෙළි දරව් වුණා. ඒ වගේම මේ ගනුදෙනුව හරහා රුපියල් බිලියනයකට ආසන්න මුදලක් ආණ්ඩුවට හිතවත් සමාගම් අතර බෙදී ගොස් තිබෙනවා. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසන් සභාවට එම සිවිල් සංවිධාන පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම මේ පිළිබඳව ආණ්ඩුව තවමත් පිළිතුරක් ලබාදීලා නෑ. කෙසේ නමුත් ආණ්ඩුවේ නිහඩතාවයෙන් පෙනී යන්නේ එම චෝදනාව භාර ගෙන තිබෙන බවයි. ඒ වගේම රටේ ජනතාව පරිභෝජනයට ගන්නා ලුණු වලිනුත් වංචා කරනවානම් මේ පිළිබඳව ජනාධිපතිවරයා තිරණයක් ගන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමැතිවරයා ලෙන වසන්ත සමරසිංහ අදහසක් නොදැක්වුවත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අදහසක් දැක්විය යුතුයි.

ඒ වගේම මුජිබර් රහුමාන් මහතා රතු නිවේදන නිකුත් කර තිබියදීත් නිදහස් කළ බහලුම් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කමිටු වාර්තාව ඉදිරිපත් කළා. කෙසේ නමුත් එම වාර්තාව ඉදිරිපත් කළ යුත්තේ මුජිබර් රහුමාන් මහතා නෙවෙයි. ඒ කමිටු වාර්තාව අදාල කමිටුව විසින් මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාට ලබාදිලා තිබුණා. නමුත් ජනාධිපතිවරයා එම වාර්තාව ප්‍රසිද්ධ නොකර නිහඩව සිටියා. ඒ වගේම එම බහලුම් පරික්ෂා නොකර නිදහස් කිරිමට රේගුවට කිසිදු බලයක් නොමැති බවත් ඒ අනුව රේගුව රේගු පනත උල්ලංඝනය කර ඇති බවත් එහිදී විෂමාචාරයක් සිදුව ඇති බව එම වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා. කෙසේ නමුත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් නිහඩව සිටිනවා කියන්නේ මේ සිදුවිම අනවබෝධයෙන් සිදුවන දෙයක් නෙවෙයි. ඒ නිසා හොරු ඇල්ලම සඳහා පැමිණි ජාතික ජනබලවේග ආණ්ඩුව සැලසුම් සහගතව හොරකම් සිදුකරන බව මේ සිදුවිම්වලින් පැහැදිලි වෙනවා. ආණ්ඩුව සහල් හිගයක් නිර්මාණය කරලා සහල් ආනයනය කරන්න කටයුතු කරනවා. ලුණු හිගයක් නිර්මාණය කරලා ආණ්ඩුවේ හිතවතුන් හරහා සැලසුම් සහගතව මුදල් වංචා කරන්න කටයුතු කරනවා. ඒ වගේම බහලුම් තදබදයක් නිර්මාණය කරලා කිසිදු පරික්ෂාවකින් තොරව බහලුම් තොගයක් නිදහස් කරන්න කටයුතු කරනවා. ඒ වගේම නැවත රට තුළ බහලුම් තදබදයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා හොරුන් අල්ලන බව ජනතාවට බොරු පොරොන්දු දී බලය ලබා ගත් ආණ්ඩුව සැලසුම් සහගතව සොරකම් කරන බව හොදින්ම පැහැදිලි වෙනවා.

ඒ වගේම අලුත් විදුලි බල පනතක් ගෙන එන බව ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා. නමුත් ජාතික ජනබලවේග ආණ්ඩුව අලුත් විදුලිබල පනතක් ගෙන එනවා වෙනුවට විදුලිබල පනත සංශෝධනය කරන්න කටයුතු කළා. එම සංශෝධිනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තින්දුව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. කෙසේ නමුත් ඇමැතිවරයාට වසරක කාලයක් සඳහා හදිසි විදුලි මිලදී ගැනිම් සිදුකරන්න හැකි බව මෙම සංශෝධිත පනතේ සඳහන් වෙනවා. ඒ වගේම ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හදිලි මිලදි ගැනිම් වලදි තමයි රටේ විශාල වංචා සිදුවී තිබෙන්නේ. ඒ වගේම අවම මිලට විදුලිය මිලදි ගත යුතු බව පෙර පැවැති විදුලි බල පනතේ සඳහන් වුණා. කෙසේ නමුත් ඉදිරියේදී ඇතිවිමට නියමිත කාරණයක් හදිසි තත්ත්වයක් ලෙස සලකා විදුලිය මිලදි ගැනිමට වසරක කාලයක් ඇමැතිවරයාට අවසර ලබාදි තිබෙනවා. ඒ වගේම රටේ සෑම වරසක දැඩි නිගං තත්ත්වයක් තිබෙනවා. ඒ අනුව සෑම නියං තත්ත්වයකට වසරක කාලයක් සඳහා විදුලිය මිලදී ගන්න ඇමැතිවරයාට සංශෝධිත විදුලිබල පනත හරහා ඉඩකඩ තිබෙනවා. සැලසුම් කරලා නිති හදලා තමයි වර්තමාන ආණ්ඩුව සොරකම් සිදුකරන්නේ.

ඒ වගේම රටේම විදුලිය බිද වැටිමක් සිදුවුණා. එ් සඳහා වදුරෙක් සම්බන්ධයි කියලා ඇමැතිවරයා ප්‍රකාශ කළා. ඒ වගේ සුර්ය බල ශක්තිය නිසා විදුලි සැපයුම ස්ථාවර නැති බව පවසා සුර්ය බලශක්තිය සඳහා ගෙවිම් අවම කරලා ඩිසල් මාෆියාව ශක්තිමත් කරන්න කටයුතු සැලසුම් කළා. කෙසේ නමුත් ඩිසල් මාෆියාව පිළිබඳව රටේ දිගින් දිගටම කතා කළේ ජාතික ජනබලවේගය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමයි. කෙසේ නමුත් ඩිසල් බලාගාර සඳහා ඉන්ධන මිලදී ගැනිම් සිදුකරන්න නිත්‍යානුකුල ආවරණයක් නව විදුලි බල පනත හරහා ලබාදිලා තිබෙනවා. එය වසරක කාලයක් සඳහා තමයි ලබාදිලි තිබෙන්නේ. ඒ අනුව රටේ නියං තත්ත්වයක් ඇති වුවහොත් ඉන්ධන බලාගාරවලින් විදුලිය මිලදි ගන්න අවස්ථාව නව විදුලිබල පනත අනුව හැකියාව තිබෙනවා. විදුලිය මිලදි ගැනිමේ සාමාන්‍ය ක්‍රමයෙන් එහාට ගොස් විදුලිය හදිසියේ මිලදි ගැනිමේ අවස්ථා රටේ උදා වෙලා නෑ. ඒ අනුව මෙය සැලසුම් සහගතව දුෂණය සඳහා පාර හදපු අවස්ථාවක්.

ඒ වගේම මෙතෙක් ජල සංචිතවල අයිතිය තිබුණේ රජයට. නමුත් නව විදුලිබල පනත අනුව ජල සංචිත රජයට තබා ගැනිමටත් පුළුවන් නැතිනම් දෙන්නත් පුලුවන්. ඒ වගේම හමිබන්තොට ගොවින්ට විශාල ජල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවුණා. සමනල වැවේ ජලයෙන් තමයි ඒ ගොවින් වගා කටයුතු සිදුකරලා තිබුණේ. කෙසේ නමුත් සමනල වැවේ ජන සංචිත අයිතිය තිබෙන්නේ විදුලි බල මණ්ඩලයට. ඒ අනුව සමනල වැවේ ජලය ගොවි බිම්වලට ලබාදුන්නොත් විදුලි හිගයක් ඇති බව හිටපු විදුලි බල ඇමැති කංචන ප්‍රකාශ කරලා තිබුණා. එසේ වුණොත් විදුලිබිල වැඩිකරන්න සිදුවෙනවා කියලා හිටපු විදුලි බල ඇමැති කංචන ප්‍රකාශ කරලා තිබුණා. ඒ අවස්ථාවේ හිටපු කෘෂිකර්ම ඇමැති ප්‍රකාශ කරලා තිබුණා සමනල වැවේ වතුර නැති වුණොත් කුඹුරු අක්කර දහස් ගණනක් විනාශ වෙයි කියලා. එවැනි අවස්ථාවක මේ සඳහා කුමක් සිදුකළ යුතුද යන්න පිළිබඳ තිරණය කැබිනට් මණ්ඩලයට ගෙන යන්න සිදුවුණා. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ලංකා විදුලි බල මණ්ඩලය රජය සතු ආයතන නිසා එ් සඳහා රජයට මැදිහත් වෙන්න හැකි වුණා. කෙසේ නමුත් නව විදුලි බල පනත අනුව රටේ ජල සංචිත පෞද්ගලික අංශයක් සතු වුණොත් ජල සංචිත පිළිබවද රජයට වගකිව නොහැකි තත්ත්වයක් උදාවෙනවා. එහිදි බරපතල ප්‍රශ්න රැසක් ඇතිවිමට ඉඩ තිබෙනවා.

ඒ වගේම නව විදුලිබල සංශෝධිත පනත සම්බන්ධයෙන් ලෝක බැංකුව , ජයිකා ආයතනය , ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කරලා තිබුණා. විදුලි බල මණ්ඩලයේ අකාර්යක්ශමතාම වළක්වාගන්න මේ සංශෝධන හේතු නොවන බව ඔවුන් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම මෙම පනත ශ්‍රේෂ්ඨාධිකරණයේදීත් අභියෝගයට ලක්වෙලා තිබෙනවා. ඒ වගේම විදුලි බල පනත සංශෝධනයේදී රජය එකඟවුණ ප්‍රතිපත්තිමය තිරණ වෙනස් කිරිමටත් සිදුවෙලා තිබෙනවා. ඒ වගේම පැලවත්තේ සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති අතර තිබෙන පරස්පරතාවය නිසා අවසානයේ කොටලු පනතක් තමයි සකස් කරන්න සිදුවෙලා තිබෙන්නේ. කෙසේ නමුත් අවසානයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදුවන ක්‍රියාවලියත් අර්බුදයට ලක්වෙලා තිබෙනවා. ඒ වගේම විදුලි පාරිභෝගිකයන් සහනයක් ලබාදිමට තිබෙන අවස්ථාවත් මෙයින් නැති වී ගොස් තිබෙනවා.

ඒ වගේම අලුත් විදුලි බල පනතට විරුද්ධව අධිකරණයට යන්න මුලින්ම කටයුතු කළේ පාර්ලමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මන්ත්‍රිවරයාවරයා. කෙසේ නමුත් විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු අතර එය විදිමත්ව අරමුණක් සහිතව සිදුකළ යුතු බව තමයි සමගි ජනබලවේගයේ ස්ථාවර වන්නේ. ඒ වගේම දුෂණයට වංචාවට විරුද්ධව කතා කළ ජාතික ජනබලවේගය අත්‍යාවශ්‍යම ප්‍රතිසංස්කරණ මහහැර වසරකට විදුලිය මිලදි ගැනිමේ අයිතිය ඇමැතිවරයාට ලබාදිම වගේ වගන්ති විදුලිබල පනතට ඇතුළත් කරන්නේ වංචාවක් දුෂණයක් සිදුකරන්න. ඒ වගේම සොරකම් කරන්න හැකි වගන්ති මෙම පනතට ආණ්ඩුව ඇතුලත් කරගෙන තිබෙනවා.

ඒ වගේම වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය ස්ථාවරයන් දෙකක් තිබෙනවා. ඒ වගේම ජාතික ජන බලවේගයේ සඳහන් වුණේ අලුත් විදුලි බල පනතක් හදුන්වා දෙන බවයි. ඒ වගේම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය නොකරන බවත් සඳහන් කළා. නමුත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරන බව රජය දැන් ප්‍රකාශ කරනවා. ඒ අනුව ආණ්ඩුව තුළ ප්‍රතිපත්ති දෙකක් මෙතන තිබෙනවා. ඒ අනුව එක් ප්‍රතිපත්තියක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තියක්. අනෙක් ප්‍රතිපත්තිය ආණ්ඩුවේ සිටින ලිබරල් අදහස් තිබෙන පිරිසකගේ ප්‍රතිපත්තිය. කෙසේ නමුත් මේ ප්‍රතිපත්ති දෙකම ක්‍රියාත්මක කරන්න නොහැකි නිසා මේ දෙකෙම එකතු කරලා එකක් නිර්මාණය කරන්න කටයුතු කරනවා. උදාහරණයක් ලෙස අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය සංශෝධනය කරන බව බිමල් රත්නායක ඇමැතිවරයා ප්‍රකාශ කරනවා. නමුත් කැබිනට් තිරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදි නලින්ද ජයතිස්ස ඇමැතිවරයා ප්‍රකාශ කරනවා එවැනි දෙයක් සිදුවන්නේ නෑ කියලා. එක් පුද්ගලයෙක්ගෙන් වැරදි දෙයක් ප්‍රකාශ වුණාම එය වෙනත් කෙනෙක් නිවැරදි කරනවා කියන්නෙම ආණ්ඩුව තුළ කණ්ඩායම් දෙකක් සිටින බව පැහැදිලි වෙනවා.

ඒ වගේම ඉන්ධන මිල අඩු කරන බව විෂයභාර ඇමැතිවරයා පාර්ලිම්න්තුවේදී ප්‍රකාශ කළා. නමුත් මේ වනවිට ඉන්ධන මිල වැඩි කරලා තිබෙනවා. ඒ වගේම ආර්ථික සමුලුවේ කළ කතාව විකෘති කළා කියලා හදුන්නෙත්ති ඇමැතිවරයා කියනවා. එහෙමනම් ඔහු කළ සත්‍ය කතාව සමාජගත කරන්න පුලුවන්. ඒ වගේම සහල් නැවත පිටරටින් ගෙනෙන්නේ නැ කියලා වසන්ත සමරසිංහ ඇමැතිවරයා ප්‍රකාශ කරනවා. නමුත් පිටරටින් සහල් ගෙන එන්න කටයුතු කරලා තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුවේ නොහැකියාව නිසා මෙවැනි බොරු කියන්න ආණ්ඩුව කටයුතු කරනවා. ඒ වගේම බහලුම් ප්‍රශ්නය පිළිබඳව කමිටු වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ කමිටු වාර්තාව අනුව වැරදිකරුවෙකු සිටිය යුතුයි. ඒ වගේම වැරදිකරුවෙකු සිටිනවානම් ඔහුට විරුද්ධව දඩුවමක් ලබාදිය යුතුයි. ඒ වගේම ජනාධිපතිවරයා යටතේ තමයි මුදල් අමාත්‍යාංශය තිබෙන්නේ. ඒ යටතේ තමයි රේගුව තිබෙන්නේ. එසේනම් බහලුම් ප්‍රශ්නයේ වැරදිකරු ජනාධිපතිවරයාද? නැතිනම් ආණ්ඩුවේ ඇමැතිවරයෙක්ද? රේගුවේ නිලධාරියෙක්ද? කෙසේ නමුත් ආණ්ඩුව අවසානයේ වරද පටවන්නේ රාජ්‍ය නිලධාරින්ට නිසා රාජ්‍ය නිලධාරින්ට මේ ආණ්ඩුව සමඟ ගනුදෙනු කරද්දි පරිස්සමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. කෙසේ නමුත් අනාගතයේදී බහලුම් ප්‍රශ්නයේ ඇත්තම වැරදිකරුවන්ට දඩුවම් ලැබෙයි.‘‘

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka