gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුද්දෙ කාලෙ ඩීසල් නැවක් ගත්තා... ඒකයි මිල වැඩි කලේ... මිල අඩු කලොත් අනෙක් සමාගම්වල ගෙවන්න ගිවිසුම් ගහලා - සිපෙට්කෝ සභාපති

මෙවර ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූයේ මෙම මාසය වන විට ගිය මාසයේ පැවැති ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට වඩා යම් වැඩිවීමක් තිබුණු නිසා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පවසයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සූත්‍රයට අදාල දත්ත අමාත්‍යංශයට යොමු කරමින් පසු ඉන්ධන වෙන තීරණය කරන බවද හෙතෙම කියා සිටියි.

ජුනි මාසයේ ඉන්ධන මිල ඉහළ ගියේ මැදපෙරදිග යුද්ධය නිසා බවද පැවසූ ඔහු එම යුදෙක් සමයේ ඉන්ධන ඉහළ ගිය කාලසීමාව ඇතුළත ඩීසල් නැවක් ගැනීමට සිදුවූ බවත් එනිසා මෙරට එය මෙවර එන්ධන මිල තීරණයේදී එය තදින්ම බලපෑ බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය  හමුවක්  අමතමිනි.

ඉන්ධන මිල තීරණය කිරීමේදීත් ජනතාවට උපරිම ලෙස සහන දීමට තෙල් සංස්ථාව කටයුතු කළොත් මෙරට තෙල් වෙළඳාමේ යෙදෙන අනෙකුත් සමාගම් වලට අලාභ වුවහොත් ඒවා ගෙවීමට සිදුවන බවත් ඊට අදාළ ගිවිසුම් ගත වීමට පසුගිය කාල සීමාව වන්හි කටයුතු කර ඇති බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka