ශ්‍රී ලංකාවේ එකතු වන කැළිකසළ කළමනාකරණය කර වාණිජ අගයක් ලබා දීමේ ව්‍යාපෘතියක නියමු ව්‍යාපෘතිය සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් කැඳවා තිබූ සාකච්ඡාවක් හදිසියේ අවලංගු කිරීම හේතුවෙන් මෙම සාකච්ඡාවට පැමිණි ජර්මානු ආයෝජන සමාගමේ නියෝජිතයෙකු කලකිරීමට පත්ව යළි සිය රට බලා ගිය බව එම සමාගම් දේශීය ප්‍රකාශකයෙක් පැවසීය.
ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් සෘජු විදේශ ආයෝජන ලෙස මෙරටට එම ව්‍යාපෘති ගෙනැවිත් ඇත්තේ රීසයිකල් එනර්ජි නම් සමාගමයි.
එම සමාගම මහනුවර නගරය සහ ආශ්‍රිත පළාත් පාලන ආයතනවල දෛනිකව එක්වන ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 125ක් ඇසුරින් පොහොර නිෂ්පාදනය, එම කසළ භාවිත කර ජනනය කරන විදුලිය මගින් කෘෂිද්‍රව්‍ය කල් තබා ගැනීමේ ශීතාගාරයක් ස්ථාපනය කිරීම සහ තෙවන අදියර ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණ ව්‍යාපෘතියක් සඳහා එම සමාගම සැලසුම් සකස් කර ඇත.
මෙම සමාගමට අදාළ ව්‍යාපෘතිය කරගෙන යෑමට කලින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණ ද ඊට පසුව පැවති රටේ පසුබිම තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විම ඇණහිට තිබිණි.
නව රජය බලයට පත් වූ පසුව මෙම ආයෝජකයන් යළි ශ්‍රී ලංකාවේ ආයෝජනය කෙරෙහි උනන්දු වුවද මෙලෙස හදිසියේ රැස්වීම් අවලංගු කිරීමත් සමග එම ආයෝජකයන් යම් කලකිරීමට පත්වූ බවත් මෙම දුර්වලතා නව රජය බලයට පත්වීමෙන් පසුව ද දැකීමට ලැබීම කනගාටුවට කරුණක් බවත් එම නියෝජිතයා සඳහන් කළේ ය.
මේ පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්ගෙන් ද විමසීමක් කිරීමට පසුගිය (18) ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබා ගත්ත ද ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.
– මව්බිම