gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඊශ්‍රයාලයේ සේවය කරන ලාංකික තරුණයින් 20ක් ගමන් කළ බස් රථයක් ගිනි ගනි… සුළු තුවාල ලැබ එක් අයෙක් රෝහලේ… අනෙක් අය නිරුපද්‍රිතයි…

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයින් 20 දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් ඊයේ (19) උදෑසන Kiryat Malakhi, අසලදී ගිනි ගත් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසීය. ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වූ බව ඔවුන් පැවසූහ. ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, ගින්න හදිසියේම ඇති වූ අතර, දොරවල් හිර වී තිබිණි. බස් රථය තුළ සිරවූ මගීන්ට පැන යාමට ජනෙල් කඩා දැමීමට සිදු වී ඇත.

බස් රථයෙන් බිමට පැනීමේ දි එක් තරුණයෙකුගේ කකුලකට තුවාල සිදුවී තිබේ. ඔහු රෝහල් ගත කර ඇත. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් අනෙකුත් සියලුම මගීන් ආරක්ෂිත බවත් ශ්‍රී ලංකාවේ ඊශ්‍රයාල තානාපති නිමල් බණ්ඩාර ස්වකීය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබා තහවුරු කර තිබේ.

“ඔවුන්ගේ කටයුතු පිළිබඳව සොයා බලමි. අනෙකුත් පිරිස සුපුරුදු පරිදි තම කටයුතුවල් නිරතවෙති.
රෝහල් ගතවූ තරුණයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.” තානාපතිවරයා සටහන් කර ඇත.

මේ දැක්වෙන්නේ දැවී විනාශ වුන බස් රථයයි.

-lankasara


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka