gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගැලපෙනම එක කියූ 72000 මල්ටි ප්ල්ග් ටෙන්ඩරය අත්හිටුවයි…

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සඳහා බහු multi-plug 700ක් මිලදී ගැනීමට අදාළව ඉදිරිපත් කර තිබූ ආන්දෝලනාත්මක ටෙන්ඩරය අවලංගු කිරීමට තීරණය කර තිබේ. එක් බහු විදුලි පේනුවක් සඳහා රුපියල් 72,540.00ක අධික මිලක් නියම කර තිබීම හේතුවෙන් මෙම ටෙන්ඩරය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ල විය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වසන්ත මුදලිගේ විසින් මුලින්ම මෙම ටෙන්ඩරයේ තත්ත්වය හෙළිදරව් කරන ලද අතර, මෙය ආණ්ඩුවේ හිතවතෙකුට ලබා දීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල විය.

කෙසේ වෙතත්, ආණ්ඩු පාර්ශවය සහ එහි පාක්ෂිකයින් මෙම චෝදනා පදනම් විරහිත බවට සමාජගත කිරීමට උත්සාහ කළ අතර, අදාළ විදුලි පේනු සාමාන්‍ය භාවිතයට වඩා කර්මාන්තශාලා භාවිතයට සුදුසු ඒවා බැවින් මිල අධික බවට තර්ක කළහ.

එවන් තත්වයක් මැද අදාළ ටෙන්ඩරය අවලංගු කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය තීරණය කර ඇති අතර අමාත්‍යාංශය විසින් අදාළ ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් කළ පාර්ශවයන්ට දන්වා ඇත්තේ ප්‍රසම්පාදනය අවලංගු කර ඇති බවත්, ඔවුන්ගේ ලංසු ඇප මුදල් නැවත බැංකු ගිණුම්වලට බැර කරන බවත්ය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka