gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සජිත්ට තවත් කේස් එකක්… විවෘත කරලා තියෙන්නේ ව්‍යාපෘති 367යි… ප්‍රචාරණ වියදම රුපියල් මිලියන 523.6 යි…

වර්ෂ 2015-2019 කාල සීමාවේ නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්ම නිවාස ව්‍යාපෘති තුළ ක්‍රියාත්මකව ඇති අක්‍රමිකතාවය සොයා බැලීමට විගණන විමර්ශනයක් සහ අමාත්‍යාංශ මට්ටමේ විමර්ශනයක් සිදුකරන බව කැබිනට් ප්‍රකාශ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. මේ වකවානුව තුළ විෂය භාර අමාත්‍යවරයාව සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. 

ඔහු මේ බව දැනුම් දෙන්නේ කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට එක්වෙමිනි.

” නිවාස සංවර්ධන අධිකාරි ඉදිරිපත් කළ වාර්තාව අනුව 2015- 2019 වර්ෂවල සැමට සෙවන කියලා ආදර්ශ ගම්මාන 2562ක් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තිබුණත් විවෘත කරලා තියෙන්නේ ගම්මාන 367ක් විතරයි. ඒකෙන් ආදර්ශ ගම්මාන ණය ලබා දීලා තියනවා ප්‍රතිලාභීන් 25,453කට. අධාර හැටියට ලබා දීලා තියනවා 26633කට. ඔක්කොම ප්‍රතිලාභීන් 54,086ක් ඉන්නවා.

මේ සඳහා ණය ලබා දීමේදී මිලියන 13,000ක් ලබා දීලා තියනවා. ඒ වගේම විවෘත කිරීම් වෙනුවෙන් දරලා තියන මුලු ප්‍රචාරක වියදම රුපියල් මිලියන 523.6ක්. මේ සම්බන්ධව දැන් පරීක්ෂණයක් සිදුවෙමින් පවතිනවා නිවාස අමාත්‍යාංශය තුළ. මේ ආකාරයේ ප්‍රචාරක ව්‍යාපෘති ගණනාවක් ඒ කාලයේ සිදුකරලා තියන බව දැන් කරුණු වාර්තා වෙමින් තිබෙනවා. ඒ පිළිබඳවත් අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණ සිදුවෙනවා. සමහර ඒව ජෙනරල් ඔඩිට් එකෙනුත් විගණනය වෙමින් පවතිනවා.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka