gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලෝකය පුරා සිටින සියලුම අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්!

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියන්ට “ලොව පුරා අනතුරු ඇඟවීමක්” නිකුත් කර ඇත.

පවතින යුද ගැටුම් හේතුවෙන් විදේශයන්හි සංචාරය කරන, ජීවත්වන අමෙරිකානුවන්ගේ ආරක්ෂාව දැඩිව අවදානමකට ලක්විය හැකි බැවින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම අනතුරු ඇඟවීම කර ඇත.

ඊශ්‍රායලය – ඉරානය අතර යුද ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මැදපෙරදිග හරහා ගමන් කිරීමට බාධා ඇති වී ඇති අතර වරින් වර ගුවන් අවකාශය වසා දමා තිබෙන බව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීමේ සඳහන් කරයි.

තවද එක්සත් ජනපද පුරවැසියන්ට එරෙහිව විරෝධතා ඇතිවීමේ හැකියාවක් පවතින බවත් එබැවින් ලොව පුරා සිටින එක්සත් ජනපද පුරවැසියන්ට දැඩිව ප්‍රවේසම් වන ලෙසද රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ සඳහන් කරයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka