ව්‍යාජ විකාර සහගත හේතුවක් මත අමෙරිකාව තම රටට එරෙහිව යුද්ධයක් ආරම්භ කර ඇති බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඉරාන නියෝජිතයා වූ අමීර් සයීඩ් ඉරාවානි සඳහන් කරයි.
නිර්ලජ්ජිත ලෙස අමෙරිකාව කළ ආක්‍රමණයට එරෙහිව තමන්ව ආරක්ෂා කර ගැනීමට ඉරානයට අයිතියක් ඇති බවත් ඊට ඉරානය දක්වන ප්‍රතිචාරය සිය රටෙහි සන්නද්ධ හමුදාව විසින් තීරණය කරන බවද අමීර් සයීඩ් ඉරාවානි සඳහන් කරයි.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකාව තවත් මිල අධික, පදනම් විරහිත යුද්ධයකට ඈදා ගත් බවත් අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් සිදු කළ ක්‍රියාවන් ජාත්‍යන්තර නීතිය දැඩි ලෙස උල්ලංඝණය කළ බවද අමීර් සයීඩ් ඉරාවානි සඳහන් කරයි.
ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීමේ අද්දර සිටින බවට අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් ඒවා ප්‍රවර්ධනය කර ඇත්තේ ඊශ්‍රායලය බවත් මෙම ගැටුම්වලට අමෙරිකාව සහ ඊශ්‍රායලය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවද අමීර් සයීඩ් ඉරාවානි සඳහන් කරයි.
