gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහජන ආරක්ෂක ලේකම්ගේ නඩුවේ ‘බීමතින් රිය පැදවීම’ චෝදනාව ඉවත් කරන්නැයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලයි!

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා විසින් 2013 වර්ෂයේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී අනතුරක් සිදුකිරීමේ සිද්ධියට අදාළ නඩුව ගල්කිස්ස මහාධිකරණයේදී යලි කැදවීය.

එහිදී සැකකාර රවී සෙනවිරත්න මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාල නඩුව විභාගය කිරීම සඳහා අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දනීය මහත්මිය වෙනුවට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් හෝ වෙනත් මහේස්ත්‍රාත්වරයෙක් පත් කරන ලෙසටයි.

නීතිඥවරයා මෙම ඉල්ලීම සිදු කළේ අදාල නඩුවේ දෙවැනි සහ තුන්වැනි චෝදනා වන අපරීක්ෂාකාරීව රිය පදවීම සහ බීමත්ව රිය පැදවීම යන චෝදනා ඉවත් කර පළමු චෝදනාව වන රිය අනතුරක් වලක්වා නොගැනීම යන චෝදනාව මත පමණක් නඩුකරය පවත්වාගෙන යාම සුදුසු බවට පොලිසිය විසින් සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර ඇති පසුබිමක අතිරේක මහේස්ත්‍රාත්වරිය අදාළ චෝදනා තුන යටතේම නඩුව පවත්වාගෙන යාමට තීරණය කිරීම හේතුවෙනි.

පොලීසියෙන් පෙර නඩු වාරයේදී මෙලෙස සංශෝධිත චෝදනාපත්‍රයක් ඉදිරිපත් කර තිබුණේ නීතිපතිවරයා විසින් නීතිය දිසාව භාරය නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා වෙත ලබා දුන් බව කියන උපදෙස් මත රුවන් ගුණසේකර මහතා වැල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා වෙත උපදෙස් ලබා දීමෙන් අනතුරුවයි.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කර නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව අදාල නඩුව සැප්තැම්බර් මස 19 වැනි දා යළි කැඳවීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka