gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සජබ තමයි හොඳටම කළේ… වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිකමට සජබෙන් පාතාලයේ මිදිගම ලසා…

වැලිගම ප්‍රාදේශීය සභාව සදහා සමගි ජන බලවේගයෙන් සභාපති ධූරය සඳහා යෝජනා කර ඇත්තේ රටෙහි කුප්‍රකට අපරාධකරුවෙක් වු ලසන්ත වික්‍රමසේකර නොහොත් මිදිගම ලසා බව අනාවරණය වී ඇත.

මිදිගම ලසා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැති අපරාධකරු සමග සමීප සම්බන්ධතා පවත්වමින් සිටින පුද්ගලයෙක් බව අපරාධ විමර්ශන අංශ පවසයි. තවද ලසා යනු හරක් කටාගේ කොන්ත්‍රාත් අපරාධ රට තුළ ක්‍රියාත්මක කළ අපරාධකරුවෙක් බවත්, ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නෙක් බවත් එම විමර්ශන අංශ හෙළි කර තිබේ.

එමෙන්ම 2008 වර්ෂයේදී අවි ආයුධ පෙන්වා ඇගලුම් සේවිකාවකගෙන් රත්රන් බඩු කොල්ල කෑමේ සිදුවීමක් සම්බන්දයෙන්ද පුද්ගලයෙකුට වෙඩිතබා තුවාල කිරීම සදහා ආධාර අනුබල දීම යටතේ ද ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.
ටී 56 ගිනි අවියක් නිවසේ තබා ගැනීම,  පුද්ගලයන් කිහිප දෙනෙකුට මුදල් වංචාම සන්ෂයින් සුද්දා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ සංවිධානාත්මක අපරාධකරු ඝාතන සැලැස්මක් මෙහෙයවීම ඇතුලුව අපරාද විශාල සංඛ්‍යාවක් සම්බන්දයෙන් නඩු රැසක් මොහුට එරෙහිව විභාග වෙමින් ඇති බවට ආරංචි මාර්ග පවසයි.

මින් පෙර කරන ලද අපරාධ රැසක් සම්බන්දයෙන් අවස්ථා කිහිපයකදී රක්ෂිිත බන්ධනාගාර ගත වී සිට ඇති මිදිගම ලසා නැමැත්තා පුද්ගලයන්ට වංචා කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ඉන්නේ අත්හිටවූූ සිර දඩුවම් පිටය.

මිදිගම ලසා 2018 වර්ෂයේ පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී සිට ඇත. ඔහු 2025 පළාත් පාලන මැතිවරණය සඳහා වැලිගම ප්‍රාදේශිය සභාව සදහා මිදිගම බටහිර කොට්ඨාසයෙන් ඉදිරිපත් වන්නේ සමගි ජන බලවේගයෙනි.

එමෙන්ම මොහු මෙවර වැලිගම ප්‍රාදේශීය සභාව සදහා සමගි ජනබලවේගයෙන් ඉදිරිපත් කරනු ලබන සභාපති අපේක්ෂකයා ඔහු බවද ආරංචි මාර්ග පවසයි. ( දිනමිණ)


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka