gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දූෂණ විරෝධී පනත වැඩ අරඹයි... රන් කැකුළු ගිණුම දක්වා වත්කම් පිරික්සයි!

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් රාජ්‍ය සේවකයන් බාර දෙන වත්කම් බැරකම් ප්‍රකාශ වලට ඔවුන්ගෙන් යැපෙන බිරින්දෑවරුන් දරුවන් ඇතුලු සියලු පුද්ගලයන්ගේ (වයස නොසලකා) වත්කම් පිළිබඳ විස්තරද ඇතුළත් කරන්නැයි දැනුම්දී ඇත.

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනුව අනිවාර්යයෙන්ම එසේ කටයුතු කළ යුතු බව එම කොමිෂන් සභාව පවසයි.

දේශපාලඥයන් ඇතුළු ඇතැම් ප්‍රබල පුද්ගලයන් සිය අයතා වත්කම් බිරින්දෑවරුන්ගේ සහ දරුවන්ගේ නමින් තැන්පත් කිරීම වැලැක්වීම මෙම නව ක්‍රියාමාර්ගය මගින් සිදුකිරීමට බලාපොරොත්තු වෙයි.

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු සියලුම රාජ්‍ය නිලධාරීන් සෑම වසරකම මාර්තු මස 31 වැනිදාට ඇති සියලු දේපළ පිළිබඳ විස්තර අැතුළත් වත්කම් බැරකම් ප්‍රකාශය තම ආයතන ප්‍රධානියාට මෙම මස 30 වැනිදාට පෙර භාරදිය යුතුවේ.

මේ අතර මීට කලින් පැවති නව වැනි පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ද වසර දෙකක් යනතුරු වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පතේ විධිවිධාන අනුව එසේ කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka