gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සමාජ මාධ්‍යයේ අපහාසාත්මක පෝස්ට් පළ කළොත් කෝටියක් දඩ, වසර 7ක සිර දඩුවම් – පොලිසිය කියයි

ව්‍යාජ ගිණුම් සමාජ මාධ්‍යයේ පළ කර­මින් ජන­තාව අප­හ­සු­තා­වට පත් කරන පුද්ග­ල­යන්ට එරෙ­හිව පොලී­සි­යට නොගොස් ඉතා පහ­සු­වෙන් පැමි­ණිලි යොමු කිරීමේ අව­ස්ථාව මේ වන විට ජන­තා­වට ලබා දීමට පොලී­සිය පිය­ව­ර­ගෙන ඇත. කුරු­ණෑ­ගල මැලේ මුස්ලිම් දේව­ස්ථා­න­යේදී පැවති වැඩ­මු­ළු­ව­කදී කුරු­ණෑ­ගල පොලිස් සේවස්ථ පුහුණු මධ්‍ය­ස්ථා­නයේ පොලිස් පරී­ක්ෂක අශෝක ප්‍රියන්ත මේ බව පැව­සීය.

එවැනි පුද්ග­ල­යන් අධි­ක­ර­ණය මඟින් වැරැ­දි­ක­රු­වන් බවට තීර­ණය කළ­හොත් ඔවුන් රුපි­යල් කෝටි­යක දඩ­ය­කට සහ වසර හතක සිර දඬු­ව­ම­කට යටත් කළ හැකි බවද පොලිස් පරී­ක්ෂක අශෝක ප්‍රියන්ත පවසා සිටි­යේය. ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩ­ලය විසින් ක්‍රියා­ත්මක කරනු ලබන අන්ත­ර්ක­ර­ණය සංහි­ඳි­යාව සහ සමාජ සාධා­ර­ණ­ත්වය සඳහා වන බහු­විධ ක්‍රියා­කා­රිත්ව ව්‍යාපෘ­තියේ මෙහෙ­ය­වී­මෙන් කුරු­ණෑ­ගල දිස්ත්‍රික් අන්තර් ආග­මික කමි­ටුව සහ කුරු­ණෑ­ගල මානව හිමි­කම් සංවි­ධා­නය එක්ව සංවි­ධා­නය කළ වැඩ­මු­ළු­ව­කදී ඔහු මේ කරුණු ප්‍රකාශ කළේය.

මාධ්‍ය අව­භා­වි­තය සහ එහි නීති­මය පැති­කඩ සම්බ­න්ධ­යෙන් වන 2004 අංක 9 දරන සමා­ජ­ගත මාර්ග­ගත ක්‍රම­යන්හී සුර­ක්ෂි­ත­භා­වය පිළි­බ­ඳව වැඩ­මු­ළු­වට සහ­භා­ගි­වූ­වන් දැනු­ම්වත් කිරීමේ දේශ­න­ය­කදී ඔහු මේ කරුණු සඳ­හන් කළේය.

“මෙම පනතේ ඇති 23 වැනි වග­න්තිය යටතේ ජන­තා­වට පුළු­වන් තමන්ට එරෙ­හිව කරනු ලබන අසත්‍ය චෝදනා සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි ඉදි­රි­පත් කරන්න. ඒ සම්බ­න්ධ­යෙන් අපේ ඒක­ක­යට පැමි­ණිලි කළ­හොත් අපි ඒ ගැන විම­ර්ශ­න­යක් කරලා අදාළ ගිණුම හිමි­ක­රුට දැනුම් දෙනවා පැමි­ණි­ල්ලට අදාළ එම පෝස්ටුව ඔහුගේ ගිණු­මෙන් ඉවත් කරන ලෙසට. ඒ සඳහා අපි පැය 24ක කාල­යක් එම තැනැ­ත්තාට ලබා දෙනවා. යම් හෙය­කින් ලබා දෙන පැය 24ක් ඇතු­ළත එම පෝස්ටුව ඉවත් නොක­ළ­හොත් ඊළ­ඟට එම පුද්ග­ල­යාට එරෙ­හිව අපි පනතේ 24 වැනි වග­න්තිය යටතේ ක්‍රියා­ත්මක වෙනවා.

එම 24 වැනි වග­න්ති­යෙන් කියන්නේ අදාළ පුද්ග­ල­යාට එරෙ­හිව අධි­ක­ර­ණ­යට යාමයි. 25 වැනි වග­න්තිය යටතේ පුළු­වන් මුලින්ම අපිට පැමි­ණිලි කරපු කෙනාට තමන්ට අප­හාස කරපු පුද්ග­ල­යාට එරෙ­හිව අධි­ක­ර­ණයේ නඩු පව­රන්න. එයි­නුත් එහාට ගොස් අව­සා­න­යට පුළු­වන් 26 වන වග­න්තිය යටතේ දිසා අධි­ක­ර­ණ­යේද නඩු­වක් ගොනු කරන්න.

මේ වන විට ජන­තා­වට අව­ස්ථාව සල­සාදී තිබෙ­නවා පරි­ග­ණක අප­රාධ විම­ර්ශන ඒක­කය වෙත යන්නේ නැතිව අන්ත­ර්ජා­ලය හර­හාම ජන­තා­වට තමන්ගේ පැමි­ණිලි පහ­සු­වෙන් ඉදි­රි­පත් කරන්න. මේ සඳහා www.police.lk වෙබ් අඩ­වි­යට ගිහින් එහි තිබෙන අයැ­දු­ම්පත බාගත කර­ගෙන පුර­වලා අප වෙත එවී­මෙන් තමන්ගේ පැමි­ණිල්ල පහ­සු­වෙන්ම ඉදි­රි­පත් කිරීමේ අව­ස්ථාව දැන් ලබා දීලා තිබෙ­නවා. මේ තුළි­නුත් පුළු­වන් සමාජ මාධ්‍යයේ සැරි­ස­රණ ව්‍යාජ ගිණුම් ඉවත් කර­වන්න සහ ඒවා පව­ත්වා­ගෙන යන පුද්ග­ල­යන්ට එරෙ­හිව නීති­මය පිය­වර ගන්න. “පොලිස් පරී­ක්ෂක අශෝක ප්‍රියන්ත වැඩි­දු­ර­ටත් කරුණු ඉදි­රි­පත් කළේය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka