gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“අපගේ මුවහත්ම කඩුව එළියට ගැනීමට කාලයයි... ඓතිහාසික ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන්න” – අයතුල්ලා අල් කමේනි

ඇමරිකාව විසින් එල්ලකළ ගුවන් ප්‍රහාරයෙන් අනතුරුව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි පවසන්නේ ඇමෙරිකාව යුද්ධයට අවාසිදායක ලෙස අවතීර්ණ වී ඇති බවයි.

එමඟින් සිදුවන හානිය ඉරානයට මුහුණ දීමට සිදුවන හානියට වඩා ඉතා ප්‍රභලව වනු ඇති බවද ඉරානයේ උත්තරීතර නායකයා පවසා ඇත.

ඇමෙරිකාව ප්‍රහාර එල්ල කළේ අවශ්‍ය දේවල් ඉවත් කරගත් හිස් මධ්‍යස්ථාන තුනකට බව පවසන කමේනි පෙන්වා දෙන්නේ කිසිදු ලෙසකින් ඉරානය යටත් කළ නොහැකි රාජ්‍යක් බවයි.

“මේ යුද්ධය අපිට පුදුමයක් නොවෙයි. එය අපි කලින් සිට බලාපොරොත්තුවෙන් සිටි දෙයක්. යන්න අපි ඊට සූදානම තමයි සිටියේ ඉතිහාසය පුරා මතක තබාගත හැකි ප්‍රතිචාරයක් අපි ලබා දෙනවා. අපි අපේ කඩු මුවහත් කරගෙන හිටියේ. දැන් එම කඩු කොපුවෙන් එලියට ගෙන ප්‍රතිචාර දැක්වීමේ කාලයයි. ඉරානය විප්ලවයේ දේශයයි. අප සියල්ල පිළිබඳව විමසිල්ලෙන් ඉන්නේ“

මේ අතර ඇමෙරිකානු ප්‍රහාරයෙන් පසුව පර්සියානු බොක්ක ජාත්‍යන්තර සාගරය සමඟ සම්බන්ධ වන හෝමෝ සමුද්‍ර සන්ධිය වසා දැමීමේ යෝජනාවල් එරට පාර්ලිමේන්තුව සම්මත කරගෙන තිබේ. ලොව ඛනිජතෙල් ප්‍රවාහණයෙන් 20% පමණ සිදු වන්නේ මෙම පර්සියානු බොක්ක ආශ්‍රිතවයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පවසන්නේ ඉරානයට එරෙහිව ඇමරිකාව බලය යෙදවීම සම්බන්ධයෙන් තමා දැඩි කණස්සල්ලෙන් සිටින බවයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka