ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලයේ සොරෝකා රෝහලට එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් පසු X ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
නෙතන්යාහු සඳහන් කළේ, “අද උදේ ඉරානයේ ත්‍රස්තවාදී කෲර පාලකයින් බීර්ෂිබාහි සොරෝකා රෝහලට සහ රට මධ්‍යයේ ඉන්න සිවිල් ජනතාවට මිසයිල ප්‍රහාර එල්ල කළා. ටෙහෙරානයේ කෲර පාලකයින්ගෙන් අපි මේකේ පළිය ගන්නවා” යනුවෙන්.
රාත්‍රියේ එල්ල වූ මෙම මිසයිල ප්‍රහාරයෙන් දකුණු ඊශ්‍රායලයේ බීර්ෂිබාහි පිහිටි සොරෝකා රෝහලට සැලකිය යුතු හානියක් සිදුව ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා. ඊශ්‍රායල හදිසි සේවා වාර්තා කරන්නේ පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
කෙසේ වෙතත්, ඉරාන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කරන්නේ මිසයිල ප්‍රහාරය රෝහල අසල පිහිටි හමුදා ස්ථානයක් ඉලක්ක කර ගත් බවත්, රෝහල ඉලක්ක නොකළ බවත් ය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාව ඊශ්‍රායල ප්‍රහාර සමඟ “එක්විය හැකි” බව පැවසීමෙන් පසුව, බදාදා රාත්‍රිය පුරා ඉරානය සහ ඊශ්‍රායලය එකිනෙකාට ප්‍රහාර එල්ල කර තිබුණා. අඟහරුවාදා රාත්‍රියේ ඉරානයට පහර දීමේ සැලසුම් අනුමත කළත්, ඉරානයට පහර දිය යුතුද යන්න පිළිබඳව ට්‍රම්ප් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.