හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බෑණා සහ දියණියන් දෙදෙනා මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, අමලි නයණිකා රඹුක්වැල්ල සහ අමලි රඹුක්වැල්ල යන අයගේ ස්වාමිපුරුෂයා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණියයි.